පසුගිය දින 6 තුළ කොළඹ වරායේ නවතා ඇති ඩීසල් සහ ජෙට් ඉන්ධන සහිත යාත්‍රාවක් මුදා හැරීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 42ක් සොයා ගැනීමට රජයට අද සෙනසුරාදා (19) වනවිටත් නොහැකි වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පවසන්නේ අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් බැංකුවලින් ලබා ගැනීමට නොහැකි වූ බවත් ඩොලර් ප්‍රමාණය සකස් කිරීමට දින කිහිපයක් අවශ්‍ය බව බැංකු දන්වා ඇති බවත්ය.
සඳුදා වන විට අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් සකස් කර ගැනීමට හැකි වන බවත් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.
ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් අඩංගු නෞකාව මුදා හැරීමේ ප්‍රමාදය වෙනුවෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 19,000ක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවන බව අමාත්‍යාංශය පවසයි.
අවශ්‍ය නම් පෞද්ගලික බැංකුවලින් අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලශක්ති අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ඊයේ ප්‍රධාන පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කළ නමුත් තවමත් එම ඩොලර් ප්‍රමාණය ලබාදීමට බැංකුවලට නොහැකි වී ඇතැයි ඇය පැවසුවාය.
ඔල්ගා වැඩිදුරටත් පැවසුවේ ඩීසල් හිඟයක් පවතින නමුත් මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොගයේ පවතින බවයි.
මීට පෙර දින දෙකකට ප්‍රමාණවත් ඩීසල් බෙදා හැර ඇති නමුත් පැය තුනකින් එකී ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වූ බවත් ඇය සඳහන් කළාය. මාර්තු 21 වනදා දක්වා සීමාසහිතව හෝ ඩීසල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඩීසල් සහිත තවත් යාත්‍රාවක් හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවද දන්වා ඇත.
0 Comments