ඉන්ධන අර්බුදය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණීම ද ගැටලුකාරවී ඇතැයි වාර්තා වේ. මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් කතානායකවරයාගේ අවධානය යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව පාර්ලිමේන්තු රැස්වීමේදී ද අද (22) අදහස් දැක්වීමට නියමිතය. මේ අතර මැති ඇමැතිවරුන් රැසක් ද සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීම සඳහා පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වලට එක්වී සිටි බව වාර්තා වේ.
මෙසේ පෝලිම්වල සිට ඉන්ධන ලබාගෙන ඇති මැති ඇමැතිවරුන් අතර ඩලස් අලහප්පෙරුම, රාජිත සේනාරත්න, චන්දිම වීර කොඩි, ගීතා කුමාරසිංහ, මුජිබර් රහුමාන්, ජේ. සී. අලවතුවල, උදය ගම්මන්පිල, සහ තුෂාර ඉඳුනිල් යන අය ද වෙති. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ රියදුරන් ද ඉන්ධන පෝලිම්වල සිට ඉන්ධන ලබාගෙන ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ තමා මාළිගාවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පසුගිය සෙනසුරාදා පැය භාගයකට වැඩි කාලයක් රැඳී සිට සිය වාහනයට ඉන්ධන ලබාගත් බවයි. මන්ත්‍රීවරුන්ට විශේෂත්වයක් දක්වා ඉන්ධන ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු සඳහන් කළේය.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval