A-wedding-ceremony-that-does-not-wear-gold-due-to-the-increase-in-gold-prices

පසුගිය දිනවල ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රන් මිල අසාමාන්‍ය ලෙස ඉහළයාම හේතුවෙන් අලෙවිකරුවන්ට, ගැනුම්කරුවන්ට දැඩි පීඩනයක් එල්ලවී තිබේ. ගනුදෙනුකරුවන් ඇනවුම් කල් දැමීම හෝ අවලංගු කිරීමත් සමඟ ව්‍යාපාර ඇනහිට ඇති බව කොළඹ හෙට්ටිවීදියේ කුඩා  වෙළෙන්දෝ පවසති.


රන් මිල අඩු වන තුරු ඇතැම් අය බලා සිටින අතර අඩු පිරිවැයකින් සංවිධානය කරන්නට අපේක්ෂා කළ මංගල උත්සව කල් දමා ඇති බවද රන් වෙළෙන්දෝ පවසති.

පසුගිය දින දහය ඇතුළත රත්‍රන්  පවුමක මිල ඉහළයාම රු. 35,000 කි. මේ හේතුවෙන් අප්‍රේල්-මැයි මංගල සමය සඳහා ජනතාව විසින් සිදුකළ ඇනවුම් රැසක්ම අවලංගු කිරීමට හෝ කල් දැමීම සිදුව ඇත.

කැරට් 24 රන් පවුම් එකක මිල රු. 170,000 ක් වූ අතර මාර්තු 25 සවස් වන විට කැරට් 22 රත්තරන් පවුමක මිල රු. 159,500 කි. ඉහළ මිල ගණන් නිසා රන් හිඟයකටද හේතු වී ඇති බව අලෙවි නියෝජිතයෝ පවසති.

"සමහරු කියනවා රුසියා යුක්රේන යුද්ධය නිසා රත්තරන් මිල අහස උසට නගිනවා කියලා නමුත් මෙතන ප්‍රශ්නය ඒක නෙවෙයි" යනුවෙන් කරන්ස් ජුවෙලරි නමැති අලෙවි සැලේ වෙළෙන්දෙක් පැවසීය.
“එය රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යාමයි. ලෝක වෙළෙඳපොළේ මිලත් ඉහළ ගිහින්.” වැඩිදුරටත් ඔහු පැහැදිලි කළේය.



මෙම වේගවත් වැඩිවීම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ පාරිභෝගිකයින් සියයට 75 කින් පහත වැටී ඇත. සිටි සෙන්ටර් ස්වර්ණාභරණ සාප්පුවේ  ඇන්තනි මෝගන් පැවසුවේ රත්‍රන් නොමැති විවාහයන් ද දැන් සාමාන්‍ය සිරිත් බවට පත්වෙමින් ඇති බවයි.

මාලඹේ මනාලි උකස් මධ්‍යස්ථානයේ  සජීව ගංගොඩවිලගේ මහතා පැවසුවේ “තව පිරිසක් තම පැරණි රත්‍රං විකුණනවා. "නමුත් දැන් තත්වය තුළ උකස් කිරීම සඳහා උකස් කිරීම් තීරණය කිරීම අපට අපහසුය, මන්ද පැය 24 ක් තුළ මිල වෙනස් වෙනවා."

කෙසේවෙතත්, ස්වර්ණාභරණ උකස් කිරීමට කැමති නව ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවද ඔහු කියා සිටියේය.


(සන්ඩේ ටයිම්ස් - යෝෂිත පෙරේරා ලිපිය ඇසුරිනි)