සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු විෂ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙයි.
විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර බ්ලූමැන්ඩල්, ඉබ්බාවත්ත ප්‍රදේශයේ කළ වැටලීමේ දී සැකකරු අත්අඩංගුවට ගැණුනු බව දැක්වේ. ඔහු ළග තිබී හෙරොයින්, අයිස්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සොයා ගැනුණි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දහසකට වැඩි මුදලක් සහ ජාවාරම සදහා භාවිත කළ ජංගම දුරකතන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙයි.
මෙම සැකකරු අපරාධකල්ලි සාමාජිකයෙකු වන දැනට ඉන්දියාවේ සිරගතව සිටින කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෙකු බව පොලීසිය සදහන් කරයි.
කිඹුලා ඇලේ ගුණා නැමැත්තාට 1999වසරේ කොළඹ නගර සභා පිටියේදී පැවති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සමිබන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබුණි.
ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණා සිය මෙහෙයුම් මෙම ගෝලයා ලවා සිදු කරගෙන තිබේ.
හෙරොයින් ග්‍රැමි 13ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑමි 01ක් කේරළ ගංජා ගෑමි 22ක් PREGA TABLETS 160ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27ක සැකකරු එම මත්ද්‍රව්‍ය ජාවාරම්න් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දාස් දෙසීයක මුදලක් ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments