ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ඉල්ලා ඇතැයි වෙළෙඳ
අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඕස්ට්‍රේලියාවෙන් මෙම ණය මුදල ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක්
ගෙන්වීම සඳහා බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ණය ක්රමයන් යටතේ මෙරටට අවශ්‍ය පරිප්පු, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර වර්ග කිහිපයක් ගෙන්වීම
සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කළ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවෙන් එම ණය මුදල
ලබා ගැනීමට නියමිතය.
මීට ඉහතදී අත්‍යවශ්‍ය ආහාර සහ ඔෟෂධ ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකන් ඩොලර්
බිලියනයක් ලබාගත් අතර චීනයෙන්ද ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණයක් පසුගියදා ඉල්ලා ඇතැයි
වාර්තා විය.
0 Comments