සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භවීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරුවලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍ර නියෝජිතයෝ පවසති.
දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම බදු මුදල් අය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කර තිබෙන බව ද ඔවුහු පවසති.
දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් කරත්ත සෆාරි පත්වාගෙන යන ආයතන වලට දැනුම් දී ඇත්තේ එක් කරත්තයක් සඳහා රුපියල් 3000ක බදු මුදලක් අය කරන්නට යන බවය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ සීගිරිය ප්‍රධාන මාර්ගයේ සවික කොට ඇති දැන්වීම් පුවරුවලට ඉහළ තක්සේරුවක් කරගෙන යන බවත් කියයි.
කිසිදු දවසක අය නොකරන ලද බදු මුදලක් අය කිරීම රජය ගෙන ඇති තීරණය නිසා නැවත වරක් සංචාරක කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව කරත්ත සහ ඔරු සෆාරි හිමියෝ චෝදනා කරති.
සීගිරිය නැරඹීමට සඳහා එන විදේශීය සංචාරකයන් දින කිහිපයක් සීගිරියේ නවත්වා ගෙන ඔවුන් ගෙන එන මුදල් මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා ඔරු, කරත්ත ,අලි සහ ජීප් සෆාරි ආදී විවිධ ව්‍යාපෘති ආරම්භ කළ බව ඔවුහු පෙන්වා දෙති.
රජය හෝ ප්‍රාදේශීය සභාව හෝ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කිසිදු ආයතනයක් මෙවැනි ආර්ථික ව්‍යාපෘති හඳුන්වා නොදුන් බව ද පවසන ඔවුන් කියා සිටින්නේ රජයේ නිලධාරීන් ගන්නා ක්‍රියා මාර්ග දැඩි ලෙස හෙළා දකින බවත්ය.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. සෝමතිලක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු ග්‍රාමීය මාර්ග කරත්ත සෆාරි පවත්වාගෙන යන පුද්ගලයන් පාවිච්චි කිරීමේ දී මාර්ගවලට සිදුවන හානිය නිසා ඒවා නඩත්තු මුදලක් ලෙස එක් කරත්තයකින් වසරකට රුපියල් 3000ක මුදලක් අය කිරීමට තීරණය කළ බවය.
කෙසේ වෙතත් සීගිරිය නැරැඹීම සඳහා එක් විදේශිකයකුගෙන් රුපියල් 7000ක පමණ මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල ගත්ත ද ඉන් කිසිදු මුදලක් ප්‍රදේශයේ සංවර්ධනයට ප්‍රාදේශීය සභාවට නොලැබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. -
0 Comments