Signs-that-the-power-cut-will-be-extended-to-10-hours-due-to-the-stoppage-of-Kelawarapitiya

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද(25) උදෑසන නතර වී තිබේ. විදුලි බලමණ්ඩලය සඳහන් කළේ, දැවිතෙල් නොමැති වීම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි ජනනය කටයුතු මෙලෙස නතර කර ඇති බවයි.


 ලංකා විදුලිබල මණ්ඩලය අද(25) ප්‍රකාශ කළේ  ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.
දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ ක් පමණ වනනමුත් කෙළවරපිටිය නතරවීමත් සමග අඩුවන හිස්තැන පිරවීමට වෙනත් විකල්පයක්නැතිව යන බවත් ඒ අනුව විදුලිය කපා දමා විසඳුමක් සොයාගත යුතු බවත් ඔවුන් දන්වා ඇති අතර ඒ අනුව දෛනික කප්පාදුව පැය 10 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව දන්වා ඇත.
ලබන සතියේ සිට මෙම දීර්ඝ කිරීම සිදුවන්නට ඉඩ තිබේ.



වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැතිවී ගොස් ඇති අතැර මාර්තු අප්‍රෙල් වනවිට එම තත්වය වෙන මාසවලටත් වඩා දැඩිව දැනෙන්නටවී ිතබේ. මේ හේතුවෙන් මුළු ඉන්ධන ධාරිතාව යෙදුවත් කප්පාදුවකින් තොරව විදුල්ි බල සැපයීමට නොහැකි පසුබිමක් නිර්මාණයවී ඇත.
අලුත් අවුරුදු සමයේ පමණක් මෙම කප්පාදුව යම් සීමාවකට ලක්කළ හැකි නමුත් ලබන මැයි මාසය අග දක්වාම
 විදුලිය විසන්ධි කරන්නට සිදුවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.