Many-restaurants-will-be-closed-from-today-Asela-Resources

ගෑස් නොමැතිවීම නිසා ආපනශාලාවල ආහාර සැපයුම අද (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සහාපති අසේල සම්පත් මහතා පැවැසීය.
ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමග ආපනශාලා මෙම අසීරු තත්වයට මුහුණ දී සිටින බවද ඔහු පැවැසීය.  ආපන ශාලා වසා දැමීමට සිදුවීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව කී ඔහු ආණ්ඩුව මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක්

නොදුනහොත් පීඩාවට පත්වන පිරිස් ආපන ශාලාවල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන පාරට බසිනු ඇතැයිද සඳහන් කළේය. මෙම
සාමාන්‍ය ආපන ශාලාවක පවා දිනකට ගෑස් ටැංකි දෙකක් හෝ තුනක් වැයවන බව කී අසේල සම්පත් මහතා ආපනශාලා සතුව
වැඩිපුර ගෑස් ටැංකි නොමැති කමින් අද (17) දිනයේ සිටම ආපන ශාලා වසා දැමීමට සිදු වනු ඇති බවද කීය.
ගෑස් සැපයුම නතර වීම නිසා ග්‍රාමීය සහ නාගරික ආපන ශාලා මෙන්ම ගෘහාශ්‍රිතව ආහාර සපයන්නෝද දැඩි අසීරුතාවයකට ලක්ව සිටිති.
කොළඹ මෙන්ම සෙසු නගරවල බෝඩිම්වල ආහාර සැපයුම මේ වන විටත් සම්පූර්ණයෙන්ම නතර කර ඇති අතර ගාස් හිගය නිසා ආපන ශාලා ද වසා දැමුවහොත් ඔවුනට ආහාර සපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයිද වාර්තාවේ.


දිනකට පැය හත අටක් විදුලිය කපන තත්ත්වය යටතේ මස් මාළු එළවළු ආදිය වැඩිපුර ගෙනැවිත් ගබඩා කර ගැනීමට හැකියාවක්
නොමැති බවත් ඩීසල් හිඟය නිසා දිනපතාම ගොස් එම ද්‍රව්‍ය ගෙන ඒමට නොහැකි වී ඇති බවද ඔහු කීය.