බදාදා පැය 10 ක විදුලි කප්පාදුවකට යාමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබුනේ ඊට දින 4 කට පෙර ‘පැය 10 විදුලිකප්පාදු‘ කිසිසේත් සිදු නොවන බවට කළ ප්‍රකාශ වලට පටහැනිව යමිනි.
සාවද්‍ය ලෙස ජනතාවට කරුණු දැක්වූ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම පැය 10 කප්පාදු කතාව තරයේ ප්‍රතික්ෂේප කළේ
‘අනිවාර්යයෙන් පැය 10 ක් කැපෙන්නෙ නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හැටියට මට ඒ ගැන කෙලින්ම කියන්න පුළුවන්. මේ ගැන අවිශ්වාසයක් ඇතිකරගන්න එපා. ඒ ප්‍රමාණය පැය 10 කට යාමේ අවශ්‍යතාවයක් දැන් අපිට නැහැ මොකද අපට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව දැනට තියනවා.‘
කියමිනි.
අනතුරුව සිය සාවද්‍ය ප්‍රකාශය ගැන කිසිම සඳහනක් නැතිව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා ඔහු කියා සිටියේ
“මේ තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා. මේ සඳහා අවශ්‍ය නිසි පියවර කිසිම ආයතනයක් මගින් ලබාගෙන නෑ. විදුලි අර්බුදය ඇතිවෙලා තියෙන්නේ මූල්‍ය අර්බුදය නිසා.”
“අද සහ හෙට කියන දවස් දෙක අපි රජයට නිර්දේශ කළේ රජයේ ආයතනවලට නිවසේ සිට වැඩකිරීමේ අවස්ථාව සලසා දෙමින් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට. ඉදිරි දවස් කිහිපය ඉතාම අසීරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ.”
ලෙසිනි.
පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ සභාපති ජනක රත්නායකගේ ප්‍රකාශය ගැන රජයේ කිසිදු බලධාරියෙකු මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.
ජනතාව නොමග යවමින් විදුලිය පැය 10 ක් කපන්නැති බවට මින් ඉහත ජනක රත්නායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කටයුතු කර තිබේ.
ඔහුගේ පුද්ගලික ට්විටර් ගිණුම හරහා ඒ ගැන විවේචනයක් සිදු කර තිබුණි.
‘ලබන සතියේ විදුලි කප්පාදුවේ වැඩි වීමක් සිදු නොවන බවට අද දෙරණ පළමු පණිවිඩය මාර්තු 25 පළ විය. 2 වැනි පණිවිඩය අද මාර්තු 29 හෙට සිට පැය 10ක විදුලි කප්පාදුවක් ලෙසිනි. මීට වඩා හොඳ ගනුදෙනුවක් මේ රටේ ජනතාවට ලැබිය යුතුයි.
අපට සත්‍යය පැවසීමට සහ අපේක්ෂා කළ යුතු දේ පැවසීමට අයිතියක් ඇත. මෙලෙස බලධාරින් ජනතාවට බොරු කීමට සිදුවීම අතිශයින්ම ලැජ්ජාවකි. ‘
ඔහු දන්වා තිබුණි.
0 Comments