12.10am
ජනපති නිවස ආසන්නයේ කලබල කළ පිරිස විසුරුවන්නට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කදුළු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාර දියත් කළ අතර පිරිස සිසී කඩ විසිර ගියහ.ඇතැම්හු තුවාල ලබා රෝහල් ගත කර ඇත.


12.00am
නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ක්‍රියාත්මක මහජන විරෝධතාවයක් අතර වාරයේදී කිසියම් පිරිසක් විසින් ආරක්ෂක අංශ වලට අයත් බස් රථයකට ගිනි තබා ඇත.
11.40pm
උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු මේ වන විට දැකගත හැකිය.ප්‍රදේශය පුරා විදුලිය විසන්ධි කර ඇති අතර මෙම ප්‍රදේශයට විදුලිය විසන්ධි වන්නේ මුල් වතාවට බවද පැවසිණි.

මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම 119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබූ අතර සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටි බව වාර්තා වේ.

10.40pm
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළ අතර මේ වන විට එම තත්වය උත්සන්න වී විශාලජනතාවක් රැස්ව සිටින අතර පොලිසිය සමඟ ගැටුම්කාරී තත්වයක් ඇති වී තිබේ.
8.40pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවාස ආසන්නයේ විරෝධතාවක්  මේ වන විට පැවැත්
වෙමින් තිබේ.

විරෝධතාකරුවෝ ජුබිලි කණුව මංසන්ධියේ සිට මිරිහානේ පිහිටි ඔහුගේ නිවස ආසන්නයට පා ගමනින් පැමිණියහ.
විරෝධතා පා ගමනට සමගාමීව රථ පෙළපාලියක් ද පැමිණි අතර ඔවුහු රථ වාහනවල නලා හඬවමින්
විරෝධතාවට එක් වූහ.
මේ වන විට මිරිහාන-ඇඹුල්දෙණිය මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පවතී.
සිරස සජීවී විකාශය පහළින්