යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එරට ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට පෙරාතුව ප්රහසන නළුවෙකු ලෙස දායක වූ කතා මාලාවක් නැවතත් විකාශය කිරීමට Netflix සමාගම තීරණය කර ඇතැයි පවසයි. Servant of the People ලෙස මෙම කතා මාලාව නම් කර තිබුණි.
2017 -2011 කාලසීමාවේදී එය Netflix හරහා විකාශය කෙරුණු අතර, නැවතත් එය එක්සත් ජනපද ප්රේක්ෂකයන් සදහා විකාශය කිරීමට සමාගම පියවර ගත තිබේ. විශේෂයෙන්ම සෙලෙන්සිකි හට යුක්රේන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව එය ජයග්රහණය කිරීම සඳහා මෙම කතා මාලාව බෙහෙවීම් බලපෑ බව අදහස වී තිබේ. මෙම Servant of the People කතාමාලාව තුළ සෙලෙන්සිකි ගුරුවරයෙකු ලෙස රංගනයෙන් දායක වෙයි.
එහිදී දූෂණයට විරෝධය දක්වූ චරිතයක් වන ඔහු කිසිවකුත් බලාපොරොත්තු නොවූ අකාරයට යුක්රේන ජනාධිපතිවරයා බවටද පත්වෙයි. සෙලෙන්සිකි 2019 වසරේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවමින් සිය සැබෑ ජීවිතයේදීද ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කළේ මෙම කතාමාලාව හරහා ලැබූ ජනතා ප්රසාදය බව කියැවෙයි.
0 Comments