The-body-of-a-woman-suspected-of-being-a-prostitute-was-also-found-in-a-pile-of-rubbish-in-a-house

කිරිබත්ගොඩ, දළුගම,  මුදියන්සේගෙවත්තේ දෙමහල් නිවසක් පිටුපස, ඉවතලන ගොඩනැගිලි අපද්‍රව්‍ය කැබලිවලින් වසා දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයාගත් බව කිරිබත්ගොඩ පොලීසිය පවසයි.  පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී මෙම මළ සිරුර සොයාගත් බවත් මියගිය කාන්තාව කාගේ කවුදැයි ඊයේ 9 වැනිදා වනතුරු හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි. මෙම දෙමහල් නිවෙස පැරැණි එකක්  බවත් නිවසේ අයිතිකරු එහි අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා විශ්වනාදන් නමැත්තෙකුට බාරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී යැයි පොලිසිය කියයි.

ඒ අනුව ඒ වනවිට ප්‍රදේශයෙන්  පලාගොස් සිටි සැකකරු නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේදී ඊයේ 9 වැනිදා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරු පවසා ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ හමුවූ කාන්තාවක සමග දින පහකට පමණ පෙර මෙම නිවෙසට පැමිණි බවත්ය. එහිදී කාන්තාව හා සැකකරු අතර ඇතිවූ මුදල් ප්‍රශ්නයක් මත ආරවුලක් ඇති වී අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ බව කියන කාන්තාව ගණිකාවක බවට පොලිසිය සැක කරයි. පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කර පැය 72ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු යොදා තිබූ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.