From-the-diesel-queue-to-sending-the-child-to-school-and-living-in-the-queue

ඉන්ධන හිඟය නිසා පාසල් යන සිය පුතුට ත්‍රිරෝද රථය නිවහනක් කර ඩීසල් පෝලිමේ සිට දින දෙකක්ම දරුවා පාසල් යැවූ මවක පිළිබඳ කතාවක් හම්බෙගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.

හතළිස්වැනි වියේ පසුවන කේ. චන්ද්‍රානි සිල්වා මහත්මිය සිය හත් හැවිරිදි පුතු සමග හම්බේගමුව, පහන් පියස යන ලිපිනයේ පදිංචිව සිටියි. සිය ජීවිකාව ලෙස ත්‍රිරෝද රථයෙන් කුකුල්කටුව, අලුත්වැව ආදී ප්‍රදේශවල සිට පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සිදුකරයි. තමන්ට මුහුණදීමට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ කේ. චන්ද්‍රානි සිල්වා මහත්මිය,"ඩීසල් හිඟය අපි වගේ පුංචි අයට අයට තදින්ම බලපානවා. මම ත්‍රිරෝද රථයෙන් ස්කූල් හයර් එකක් කරන්නේ.

දරුවන් උදේම පාසල් එක්ක ගෙන යන්න ඕන. ඩීසල් නැති වුණොත් ඒ සේරම නවතිනවා. පහුගිය දවස්වල මෙහෙත් ඩීසල් නෑ, ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා ඩීසල් ගන්න ඕන.

මමයි පුතයි විතරයි ගෙදර ඉන්නේ. පුතා මේ අවුරුද්දේ තුනේ පන්තියට යන්න ඉන්නේ. එයා තනියම ගෙදර දාලා ඩීසල් පෝලිමේ ඉන්න බෑ. අපේ අම්මා ගෙදරට ටිකක් එහායින් ඉන්නේ. එයා අසනීපයෙන් ඉන්න නිසා ළමයා එයා ගාව දාලා යන්නත් බෑ. මම හරීම ගැටලුවකට මුහුණ දුන්නේ. පහුගිය අඟහරුවාදා හවස හයට විතර මමත් හම්බෙගමුව ෂෙඩ් එකෙන් ඩීසල් ගහගන ඉන්න වාහන පෝලීමට එක් වුණා. දරුවා පාසල් යන්න උවමනා කරන ඇඳුම් පොත්පත් ඔක්කොම දාගෙන ගියේ. එදා රෑ ඩීසල් එනවා කිව්වා ඩීසල් ආවේ නෑ. එළිවුණා. ඩීසල් එන පාටක් තිබුණේ නෑ.

පෝලිමේ මට ඉස්සරහ සහ පස්සෙන් හිටපු දෙන්නට කිව්වා මම දරුවාව ඉස්කෝලේට දාලා එනකම් එතන තැන තියාගන්න කියලා. එතන ගෙදරක තාප්පයක් ගහන තැනක් ආසන්නයේ මතයි මම පොලිමේ හිටියේ. ඒ වැඩ කරන කිහිපදෙනාට මම කිව්වා මෙතන අල්ලාගන්න කාටවත් දෙන්න එපා කියලා. ඒ අයත් පෝලිමේ හිටි අනික් එනකම් එතන තැන තියාගන්න කියලා. එතන ගෙදරක තාප්පයක් ගහන තැනක් ආසන්නයේ මතයි මම පොලිමේ හිටියේ. ඒ වැඩ කරන කිහිපදෙනාට මම කිව්වා මෙතන අල්ලාගන්න කාටවත් දෙන්න එපා කියලා. ඒ අයත් පෝලිමේ හිටි අනික් අයත් ගොඩක් උදවු කළා. මම විතරයි ගෑනු කෙනෙකුට ඩීසල් පෝලිමේ හිටියේ. එදා උදේ දරුවට කඩෙන් කෑම අරන්දීලා ඉස්කෝලේ එක්ක ගිහිං දාලා ආයෙත් ඩීසල් පෝලීමට ආවා. එදත් දවල් එක විතර වෙනකම් ඩීසල් ආවේ නෑ.

පෝලිමේ කට්ටියට කියලා ස්කෝලෙට ගිහිං ඉස්කෝලේ ඇරුනම දරුවත් එකක ඩීසල් පෝලිමට ආවා.

ඒ ළඟ ගෙදරක අය අපට කෑම දුන්නා. ඒ කියන්නේ බදාදා.එදත් රැවෙනකම් හිටියා ඩීසල් ආවේ නෑ. එදා රෑත් දරුවත් එක්ක ඩීසල් පෝලිමේ.ත්‍රිවිල් එකේ පිටි පස්සේ දරුවට නිදාගන්න පුළුවන් විදියට ආසනය සකස් කරලා තිබුණා. දරුවාත් එක්ක දෙවැනි දවසෙ රෑත් ඩීසල් පෝලිමේ.එතන ගෙදරක අය අපට කෑම තේ දුන්නා. බ්‍රහස්පතින්දා එළිවෙන තුනට  විතර තමයි ඩීසල් ආවේ. ඩීසල් බාලා පෝලිමේ තිබූ වාහනවලට ඩීසල් නිකුත් කරන්න පටන්ගත්තා.මම හිටියේ හැටඅට වෙනියට.

මගේ ත්‍රීවිල් එකට ඩීසල් ගහන කොට පාන්දර හතරහමාරට පහට විතර ඇති. ෂෙඩ් එකේ ඉඳලා ගෙදර ගිහි දරුවව පාසලට එක්ක එන්න වෙලාව මදි. ඊට පස්සෙ ඒ ගමන් දරුවවත් ලෑස්ති කර ගෙන වෙනදා මගේ ත්‍රිවිල් එකේ ඉස්කෝලෙ යන ළමයි ටිකත් එක් කරගෙන බ්‍රහස්පතින්දා ස්කුල් හයර් එක ගිහිං තමයි ගෙදර ආවේ " යනුවෙන් පවසා සිටියාය.


(අජිත්ලාල් ශාන්තඋදය)