ajith-cabral-next
මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය ආර්ථික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිර්මට මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී නොසිටීම පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කිරීමක් බව සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (24)දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර රජයේ බැංකුවක් ගෙවීම් පැහැර හැර ඇති බවට (Bank default) නම් කර ඇති බව වාර්තා වන බවත්, මෙම කාරණය. සත්‍ය නම් එය ව්‍යසනයක ආරම්භය බවත් සඳහන් කළ හර්ෂ ද සිල්වා මහතා,"ඉතාමත් කනගාටුදායක සිද්ධියක් සිදු වෙලා තිබෙනවා.

ඒක කනගාටුදායක වෙන්නේ රටේ මිනිස්සුන්ට. ස්ථාවර නියෝගවල තිබෙනවා රජයේ මුදල් කාරක සභාව කියලා එකක්. අද කරන්නේ වැට් එක 15% සිට 18% දක්වා වැඩි කරන එක. මේ රටේ ප්‍රශ්නය ගැන මෙච්චර අර්බුද තිබියදී මුදල් කාරක සභාවේ සභාපතිවරයා එන්න කියලා තිබුණ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට. සඳුදා එන්න කියලා තිබුණේ. ඒත් සඳුදා එන්න බෑ,


බ්‍රහස්පතින්දා දවසක් වෙලාවක් දෙන්න කියලා ඔවුන් කියලා තිබුණා. අද මොකක්ද මේ කණ්ඩායම කළේ ආවේ නෑ. 10.45ට ෆැක්ස් එකක් එවනවා අද එන්නේ නෑ කියලා. එතකොට කවුද මෙතන ලොකුම තැන් තැන්වල සමුළු තියලා වැඩක් නෑ. මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විතරයි.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට අද නිවාඩ් කබ්රාල්සහ ඒ  කණ්ඩායම නොපැමිණීමෙන් මේ පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන්ම හෑල්ලුවට ලක් කර තිබෙනවා. එහෙම කරන්න කාටවත් අයිතියක් න. එහෙම නම් මොන කෙහෙල්මලකටද මේපාර්ලිමේන්තුව. මුදල් ඇමතිවරයා එන්නේනෑ. ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. මහ බැංකුවේ අධිපතිවරයා එන්නෙත් නෑ. එහෙනම් කාටද මේවා කියන්නේ. ඉතාමත් කනගාටුවෙන් කියන්නේ මම දැන්. අපිට ආරංචි වෙලා තිබෙනවා රජයේ බැංකුවක් ඩිෆෝර්ට් කරලා තිබෙනවා. කියලා. කරුණාකරලා වහාම මේ ගැන සොයා බලන්න. මම පාර්ලිමේන්තුවේ කතාවක් කළා මාස 03කට කලින්.

නීතියදාලා තිබුණා රුපියල් 200ට වැඩියෙන් ඩොලර් එක විකුණන්න බෑ කියලා.

බැංකුවලට200ට වඩා කළුකඩෙන්න හැකියාවක් නෑ. මම මෙතන කතා කරලා කිව්වා මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන පුළුවන් කියලා. මේ වෙලා තිබෙන කතාව ඇත්ත නම් මේක ව්‍යසනයක මුල. මේකෙන් එක ඩොලර් එකට බැංකුවට රුපියල් 100ක පාඩුවක් වෙනවා නම් කාගේ සල්ලි වලින්ද  ඒක ගන්නේ. මේ බැංකුවල තිබෙන්නේ රටේ ජනතාවගේ සල්ලි. පාර්ලිමේන්තුව මේ විදියට හෑල්ලු කරන්න පුළුවන්ද? අපිට මේ ප්‍රශ්නය ජනාධිපති මන්දිරයේ විසඳන්න බෑ. එතන ඒකට නෛතික වගකීමක් නෑ.සම්පුර්ණ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට.මේ විදියට පාර්ලිමේන්තුව හෑල්ලු කරනවා නම් මේ ප්‍රශ්නයට විසඳුමක් නෑ  රට අගාධයටමයි යන්නේ. කොන්ද තියෙන්න ඕන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. මම ඔබතුමාට කියනවා මේ පිළිබඳ සොයා බලා.වහාම තීරණයක් ගන්න” යනුවෙන් සඳහන් කළේය.

 (දිනේෂ් සමරකෝන්)