champika-ranawaka-speaks

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙසේ කීය.  

"පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අසාමාන්‍ය විදියට ඉහළ ආපු ආණ්ඩුව ජනතාවට තවත් බැටයක් දෙන්න යන්නේ. ඒ තමයි ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තිබෙනවා

අතිවිශාල වැඩි කික් විදුලි බල ක්ෂේත්‍රෙයේ. අද අපේ විදුලිබල ක්ෂේත්‍රෙයේ ආසන්නයෙන් විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75ක් පමණ ඉන්නවා. මේකෙන් මිලියන 6.5කට කිට්ටුව ඉන්නේ සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයෝ. කර්මාන්ත තිබෙනවා 63,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665ක් තිබෙනවා. ඒ වගේම රජයේ ආයතන 10,385ක් තිබෙනවා.

පන්සල්, පල්ලි, කෝවිල් 46,375ක් තිබෙනවා. කඩ සාප්පු 884,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා  කොමිසමට දුන්නා යැයි වාර්තා වෙන යෝජනාවට  අනුව ඉතාම අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන, ඒ කියන්නේ ඒකක 0-30 දක්වා විදුලිය පරීභෝජනය කරන පාරිභෝගිකයක් 1,389,000ට ආසන්න පිරිසගේ විදුලි බිල 499%කින්, ඒ කියන්නේ ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා.

ඊළඟට ඒකක 31-60ට ඉන්නවා ආසනයෙන් 1,700,500කට ආසන්න ප්‍රමාණයක්. මේ ප්‍රමාණයට 350%කින්, ඒ කියන්නේ 3.5 ගුණයකින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒකක 61-90 අතර ඉන්නවා 1,693,000ක් පමණ පාරිභෝගිකයන්. මේ පිරිස සම්බන්ධයෙන් 166%කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා.  ඒ කියන්නේ ඇති හැකි අයට ඉතා අඩුවෙනුත් නැති බැරි අයට 500%කින් වැඩි කරන ප්‍රතිපත්තියක් තමයි දැනට බලශක්ති අමාත්‍යාංශයෙන් යෝජනා කරලා තිබෙන්නේ. කඩසාප්පු හිමියන්ට 28%ක වැඩි වීමක් යෝජනා කරලා තිබෙනවා. හෝටල්වලට 27%ක වැඩිවීමක් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයට 40%ක වැඩිවීමක් යෝජනා කරලා තිබෙනවා.

ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වෙනවා සමස්තයක් වශයෙන් තමන්ගේ ආදායම් 60%කට වැඩි ප්‍රමාණයකින් වැඩි කර ගන්න මේ ක්‍රමයට.

මේ විදුලිය වැඩි කිරිමේ යෝජනාව තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ. මහජන උපයෝගීතා කොමිසමට අපි පැහැදිලිව කියන්න ඕන විදුලි බිල වැඩි කරනවා නම් ඒ ගැන ඉතාම පැහැදිලිව මහජනයා සමග සංවාදයක් අත්‍යවශ්‍යයි. විශේෂයෙන් 24 පැයම විදුලිය දෙන්න බැරී ආයතනයක් විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීම කොපමණ යුක්ති සහගතද යන්න සලකා බැලිය යුතුයි. ඒ වගේම සමාජ සාධාරණත්වයේ මූලධර්මයන් දුගියට 500%කින් වැඩි කරලා ඇති හැකි අයට 18%කින් වැඩි කරන්න යෝජනා කිරීම මොන තරම් අයුක්ති සහගතද කියන එක පැහැදිලියි. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ආණ්ඩුව දැන් මිල වැඩි කරන්නේ පොඩි ගණන්වලින් නෙවෙයි. පැහැදිලිවම ජනතාව තීන්දුවක් ගත යුතු මොහොත ඇවිල්ලා තිබෙනවා. ඒ තමයි මේ ආයතන කරන්න පුළුවන් මිනිස්සුන්ට භාරදීලා මේ ඇත්තන් යවන එක “