කොවිඩ් වෛරසය වැළඳීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු රට තුළ ඇති ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී තිබෙයි.
මෙයට අදාල විශේෂ මාර්ගෝපදේශය මාර්තු 02 දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන අතර අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ්-19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.
කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ කොවිඩ් වැළඳුනු මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මෙරට තුළ දැඩි ආන්දෝනාත්මක තත්ත්වයක් තිබූ අතර පසුගිය වසරේ සිට කොවිඩ් සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබුණා. ඒ අනුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේ ආරක්ෂිත ප්‍රදේශයක එම සිරුරු භූමදානය කිරීමට පියවර ගෙන තිබූ අතර නව තත්වයත් සමග ඕනෑම සුසාන භූමියක භූමදානය කිරීමට අවසර ලබා දී තිබෙයි.
0 Comments