dingihamy-116
මෙරට වර්තමානයේ ජීවත්වූ වයස්ගතම කාන්තාව ඉමදූව කනංකේවත්තේ පදිංචිව සිටි කංකානම් ගමගේ ඩිංගිහාමි මාතාව අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය.මියයනවිට ඇයට වයස අවුරුදු 116 ක් විය.

1906 වසරේ ජනවාරි මස 11 වෙනිදා අතුරලියේ උපන් ඇයඅ එම්.ජී. ද නෝරිස් මහතා සමඟ විවාහවී දරුවන් තිදෙනෙකු ලබා ඇත.ඩිංගිහාමි සහ නෝරිස්ට දාව පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක් සිටි අතර එකම දියණිය කුඩා කලදීම මිය ගොස් තිබෙන බවද සඳහන්ය.

ඉකුත් 2020 වසරේ දෙසැම්බර් 29 වෙනිදා මිය ගිය කළුතර දොඩම්ගොඩ ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජීවත්වූ වේලු පාප්පානි මාතාවද වයස අවුරුදු 117 ක් ආයු වළදූ තැනැත්තියකි. ඇය 1909 වසරේ මැයි 03 වෙනිදා උපත ලබා ඇත. ඒ වන විට මෙරට සිටි වයස්ගතම කාන්තාව වූයේ ඇයයි.
අරනායක ගෙවිලිපිටිය ග්‍රාමයේ ජීවත්වූ කිරි උක්කු මාතාවද 2017 වසරේ දෙසැම්බර් 02 දා මිය යන්නේ අවුරුදු 115 ක් ආයු වළදාය.

ඩිංගිහාමි මාතාවගේ දේහය මේ වන විට කනංකෙ වත්ත නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (11) දින පස්වරුවේ දී පවුලේ සුසාන භූමියේ දී සිදු වෙනු ඇත.