dinithi-walgamage-siyatha-speaks

ටෙලි නාට්‍ය නිළියක හා ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ පසුගිය සතියේ සියත ටීවී නාලිකාවේ ‘සෙවන් නෝට්ස්‘ නමැති  කලා ශිල්පී කතාබහ වැඩසටහනට එක්වෙමින් පළ කළ අදහස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවේචන මතුව තිබේ.
එම වැඩසටහනේදී ඇය නිවේදකයා අසන ප්‍රශ්න වලට නොරිස්සුම් සහගත හා උඩඟු ආකාරයට පිලිතුරු ලබාදෙන අතර තමා අතිශය කාර්ය බහුල බවට හා ටෙලි ක්ෂේත්‍රයේ විශාල පිළිගැනීමෙක් ලැබෙමින් පවතින අයෙකු ලෙසට හඳුන්වාදීමක් කරයි. එසේම තමා ගුවන් සේවිකාවක ලෙස මෙන්ම රංගනය නිසා හම්බ කරන බවත් වැඩ නැති අය වගේ නොව තමන් තැන හදාගත් අයෙකු බවටත් ඇය ප්‍රකාශ නිකුත් කරන්නීය.

මෙම වැඩසටහනට එක්වූ සෙසු කලා ශිල්පිනියන් වූයේ දෙවැනි ඉනිමේ 'චූටි නංගී' හා ජැක්සන්ගේ දුවයි. දිනිතිගේ මෙම වෙනස් කතාබහ ඉලක්ක වන්නේ අනෙක් දෙන්නාටදැයි සැකයක් පවතින බව සමාජ මාධ්‍ය තුළ පළවන විවේචන වලදී සාකච්ඡාවට නැගී ඇත.
දිනිති වල්ගමගේ අනවශ්‍ය ලෙස පිලිතුරු දෙද්දී නිවේදක මහතාට අවසානයේ  මිනිත්තු කිහිපයක් වැයකර ඇයට අවවාද පවා දෙන්නට සිදුවේ.
දිනිති පවසන අදහස් කිහිපයක් පහත පරිදිය.



ගුවන් සේවිකා රාජකාරිය එක්ක ටෙලි වැඩ කළේ කොහොමද?
‘මම ගොඩක් දවස්වලට නෝපේ හිටියා අයියා මං නෝපේ ලීව් හිටියා මේ දවස්වල වැඩ තිබ්බ නිසා මාසයක් වගේ තමා  අයින් වුනෙ.. දැන් ආයෙ බැක්ටු රෝස්ටර්‘
ඔයාට කොහොමද ඒකෙදි ගෙවීම් කරන්නෙ?
මට ෆ්ලයින් අවර්ස්වලට තමා පේ කරන්නේ
නෝපේ ගිහාම පාඩු වෙනවද?
මට ෂූටිං වලින් හම්බ වෙනවනෙ..
කට්ටිය කිව්වට මේකෙන් ගාණක් ලැබෙන්නෑ කියල ඔයාට එහෙම නෑ?
කවුද කියන්නෙ මොකටද?
මං කියන්නෙ රඟපාන අය ගැන
රඟපාන අය ඉතින් තමන් දැනගන්න ඕන තමන්ගෙ තැන හදාගන්න...මට නං එහෙම පාඩුවක් නැහැ.. පුහ්
මේ දවස්වල වැඩ ගැන කියන්න
මට මේ දවස්වල නාලිකා හතරක ෂූටින් යනවා සහ මගේ අලුතින් එන්න තියනවා දෙකක් ඒවට තාම චැනල්ස් නැහැ.
කොහොම ඒව තොරගන්නෙ?
මට වෙනස් කියල හිතෙන ඒව විතරයි තෝරල තමයි මං බාරගන්නෙ. මට වැඩ තියනවනෙ ඉතින් භාරගන්න
මං වෙනස් කරගන්න ඒවත් ගොඩක් තියනවා..
උත්සහ කරනව මගේ රගපෑමෙත් හැමවිට වෙනසක් කරන්න.. මං ඉතින් සාර්ථක වෙලා ඇතිනේ
අධ්‍යක්ෂවරයා තාම කියල නෑ ඕක හරි නෑ දිනිති කියලා.. මූවිස් එකක් එනවා තව දෙහකට සයින්කරල තියනවා
ඔයා නිළියක් විදිහට ඉස්සරහට කාර්ය බහුලයි ඒ කියන්නෙ?
දැනටත් කාර්ය බහුලයි..
ඔයාට නිකං මං ප්‍රශ්න අහන එක වදයක්වගේද?
ඒ මගේ හැටි.... මං ටිකක් පණ්ඩිතයි කියල කියනවා

වීඩියෝ ඛණ්ඩය පහතින්