යාපනය කොකුවිල් හින්දු ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලැබූ සිසුවෙකු පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබාගෙන සමත්වී ඇත. කොකුවිල් හින්දු ප්‍රාථමික පාසලේ ඉගෙනුම් ලබන තමිචෙල්වන් ගජලක්ෂණ් සිසුවා මෙලෙස පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා සමත්ව සිටියි.
එහිදී කොකුවිල් හින්දු ප්‍රාථමික විදුහලටගෞරවයක් අත්කරදුන් තමිචෙල්වන් ගජලක්ෂන් සිසුවා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ.. "මම බොහොම ආශාවෙන් මගේ අධ්‍යාපන කටයුතු කළා. මගේ අම්මා ගුරුවරියක් තාත්තා ව්‍යාපාර කරන්නේ. මට ඉගෙනගන්න හොඳින් නිදහස තිබුණා. මගේ අම්මයි තාත්තයි මගෙ ඉගෙනීමට ගොඩක් සහය වුණා. ඒ අය නිසා තමයි මම අද මේ ජයග්‍රහණය ලබලා තියෙන්නේ.
මට ගොඩක් සතුටුයි.ඒ වගේම මගේ පාසලේ පන්තිභාර ගුරුතුමා සිට විදුහල්පති දක්වාම මගේ අධ්‍යාපනයට ශක්තියක් වුණා. මගේ අධ්‍යාපනය ඉදිරියටත් හොඳින් කරගෙන යනවා. මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වී ජනතාවට සේවය කරන්නයි." යනුවෙනි.
(වවුනියාව - මධුෂංඛ අමරසිංහ)
0 Comments