අද උදෑසන වාර්තා වූයේ ඖෂධ හිඟතාවක් නිසා පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නතර කිරීමට කටයුතු කර ඇති බවකි.
මේ අතර සවස වාර්තාවන්නේ මෙම තත්වය ගාල්ල කරාපිටිය රෝහලටද උදාවූ බවයි.
නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන්
එම ඖෂධ්‍ය අවශ්‍ය විය හැකි ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නතර කරන්නට තීරණය කළ බව කරාපිටිය රෝහල් අධ්යක්ෂවරයා දන්වා තිබේ.රෝහල් කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය අමාතයංශය මේ පිලිබඳව දැනුවත් කිරීමට ඔහු කටයුතු කර ඇති අතර පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් විශාල සංඛ්‍යාවක් සැත්කම් ප්‍රමාදය නිසා අපහසුතාවන්ට ලක්ව තිබේ.
Neostigmin ඖෂධ තොග ප්‍රමාණවත්ව ලැබෙන තෙක් ශල්‍යකර්ම තාවකාලිකව නතරව ඇත.
0 Comments