gamini-lokuge-speaks

බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙසේ කීවේය.
 


‘‘මේ වනවිට තියෙන්නේ රට තුළ තෙල් බෙදාහැරීමේ ගැටලුවක් පමණයි. හපුතලේ, මහනුවර හා මාතලේ වැනි ප්‍රදේශවලට මෙවර අපි බවුසර් මගින් තමයි තෙල් බෙදා හැරීම සිදු කළේ. මොකද මෙවර අපි තෙල් ගොඩබෑවේ මුතුරාජවෙලට. මුතුරාජවෙල සිට දුම්රිය මගින් තෙල් බෙදාහැරීමේ පහසුකම් නෑ. කොළොන්නාව ගබඩා සංකීර්ණයේ ඒ වන විටත් දැවිතෙල් තොග සහිත නැවකින් තෙල් තොග ගොඩබාමින් තිබුණා.


ඒ නිසා මේ තෙල් බෙදාහැරීමේ කටයුතු නිසි පරිදි සිදු වන විට ඉක්මනින්ම මේ ගැටලුව විසඳේවි.

ඊයේ (16 වැනිදා) සිට ඉදිරියට අඛණ්ඩව තෙල් නැව් පැමිණීම සිදු වෙනවා. පිරිපහදුව සඳහා අවශ්‍ය තෙල් ලබාදීමට මේ වනවිටත් රටවල් කිහිපයකින්ම එකඟ වෙලා තියෙනවා.

අපේ තෙල් පිරිපහදුවේ තෙල් ටොන් දෙලක්ෂ පහළොස්දහසක් ගබඩා කිරීමට පහසුකම් තියෙනවා. ඒ ප්‍රමාණය අපි සපුරා ගතහොත් රටේ තෙල් අවශ්‍යතාව සියයට තිහක් සපුරාලීමට හැකියි.

ඊට අමතරව විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය දැවිතෙල්, නැප්තා සහ ඩීසල් ද එමගින් ලබා ගන්න පුළුවන්. ඉන්ධන බෙදාහරින්නන් මිල වැඩිකිරීමක් ඉල්ලා තිබුණා. පෙරේදා (15 වැනිදා) රාත්‍රියේ අපි ඒ පිරිස සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඔවුන්ගේ බෙදාහැරීමේ ගාස්තු ඉහළ දැමීමට එහිදී අපි පොරොන්දු වුණා. මේ වනවිට තෙල් බෙදාහැරීම අඛණ්ඩව සිදු වෙනවා, නවත්වලා නෑ.’’