පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් පැහැරගන්නා ලද බව කියන විදේශීය ජාතික භික්ෂූන් වහන්සේ නමක් පෙරේදා (12) හවසට හාලිඇල, හැතැක්ම ප්‍රදේශයේ මහමග දමා ගොස් සිටිය දී හමු වී ඇතැයි
හාලිඇල පොලිසිය පවසයි. පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බංගලාදේශ ජාතික විසිහය හැවිරිදි භික්ෂුන් වහන්සේ නමක් පැහැරගෙන අත්පා සහ මුහුණ ගැට ගසා, වෑන් රථයකින් රැගෙනවිත් හාලිඇල, කැටවල ප්‍රධාන මාර්ගයේ හැතැක්ම ප්‍රදේශයේ දමාගොස් සිටියදී එය දුටු ත්‍රීරෝද රථ රියැදුරකු හාලිඇල පොලිසියට පැමිණ ඒ පිළිබඳව පැමිණිලි කර ඇත.
මහරගම පොලිසියේ පැවති විමර්ශන කටයුත්තකට ගොස් ඇතැයි උන්වහන්සේ හාලිඇල පොලිසියට පැමිණිලි කර ඇත.
හිමිනම පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතය. පැහැරගෙන මහමග දමා ගිය බවට පැමිණිලි කළ බංගලාදේශ ජාතික හිමිනම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇත.
0 Comments