ලංකාවේ මේ දවස් වල ටිකක් වැඩිපුර ඇහෙන නමක් තමයි ඥාන අක්කා, ඥානා,අනුරාධපුරේ.. හිරුණිකා ඥානාට බයයිද?දැන් කියන්න බැනේ මිරිහානේ ගිහිල්ලා සද්දේ දැම්මයි කියලා නූලක් පන්නන්න පුළුවන්.එහෙම නැත්තම් ගුරුකමක් කරන්න පුළුවන්,සාප කරන්න පුළුවන්. බය නැද්ද? අපේ රටේ ආර්ථීක තීන්දු තීරණ එන්නේ අනුරාධපුරයෙන්..
එක හරිම පුදුම වැඩක් කියන්නේ මේ ඥාන අක්කාගේ පස්සේ යන ජනාධිපති අවුරුදු 30ක් ඇමරිකාවේ හිටපු මනුස්සයෙක්. මම මේ ග්‍රාමීය තත්ත්වයට අපහාස කරනවා නෙමෙයි.. ගමේ මිනිසුත් ඉන්නවා මේවා සත පහකට විශ්වාස කරන්නෙ නැතුව තමුන්ට හිතෙන දේ කරන. හැබැයි මෙයලාගේ මැදමුලනේ ගතියනේ මේ පෙන්වන්නෙ.. ඒ කියන්නේ ඇමරිකාවේ නෙමෙයි ගිහිල්ලා ඇමරිකාවේ ජනාධිපති වුනත් මෙයා ඥාන අක්කාව එතැනට ගෙන්නගෙන නූලක් බැඳගනී.කතා කරලා තේරුමක් නැහැ. එයාගේ පුතා නාසා එකේ වැඩ කියනවා.
මේ මිනිසුන්ට තියන මනසිකත්වය මොකද්ද කියලා හිතාගන්න බැහැ. පුතා,පුතාගේ බිරිඳ ,ඒ ළමයි ඔක්කොම එහේ ඉන්නේ. ඒ රටවල් වල ළමයින්ට අපේ රටවල්වලනේ අකුරු බල බල වේලාවල් බල බල ළමයින්ට නම් දන්නේ. ඒ රටේ නිකන් හිතුනා මම මේ නම දනවා කියලා නම දනවා. ඒ වගේ රටක් ඇතුළේ ජිවත් වන මිනිස්සු මෙහෙ මේ හැසිරෙන විදිය ගැන හරිම කණගාටුයි. මගේ කෙන්දර ඒවා හැමදේම හදලා තියනවා හැබැයි විශ්වාස කරන්න මගේ ජිවිතේ විවාහය ගත්තොත් එහෙම අපි දෙන්නගේ කෙන්දර දෙක බලද්දී සතපහකට ගැලපුනේ නැහැ. අපිට බඳින්න නැකතක් තිබ්බේ නැහැ. හැබැයි මට ආව ප්‍රශ්න වලදී නොගැළපෙනවායි කියන කෙන්දරේ හිටපු මහත්තයා මට පහුගිය කාලේ ආව ප්‍රශ්න වලදී මාත් එක්ක මහා පර්වතයක් වගේ හිටගත්තානේ.. මේක එක උදාහරණක්. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න මේ වේලාවල් බලලා, කේන්දර බලලා කවදාවත් පවුලක් කන්නවත් බැරි එකේ රටක් පාලනය කරන්නත් බැ තමයි.
black magic පස්සේ යන නායකයෝ ඇත්තටම කවදාහරි ජිවිතෙන් සමුගන්නේ ඉතාමත් හරිම අවසනාවන්ත විදියට. එහෙම කියන්නවත් හොඳ නැ මොකද යන්නේම මේ ගුරුකමහ් පස්සෙනේ.. මේක හරි භායනක තත්ත්වයක්. බුදුහමුදුරුවෝ තුන්වරක් වැඩිය රටක් ඇතුළේ උන්වහන්සේ දේශනා කල බණ පැත්තකට දාලා උන්වහන්සේ වැඩිය කැළණියටත් නාගයෙක් ආවානේ.. මොන ලොකේද නයෙක් ප්ලාස්ටික බෝතලයක් ඇතුළේ දාලා තියෙද්දී මිනිස්සු පොළිමේ ගිහිල්ලා නායට වැන්ඳා. ඒවගේ රටක් ඇතුළේ තෝරගන්න ජනාධිපති ගැන කුමන කතාද? මෙච්චර පිවිතුර දරුශනයක් තියෙන රටේ එක පිටිපස්සට දාලා ඔය වගේ කල්ට එකක් හදලා තියන එක ඔක ඇවිල්ලා ඥාන කල්ටා එක. ඔය කල්ටා එක තොරගන්නේ අපි අර රතුපාට මෙකෙන්. අපේ පක්ෂයෙත් එහෙම කට්ටිය ඉන්නවා නැතුව නෙමෙයි. අපේ පක්ෂෙත් එක පස්සේ යන කට්ටිය ඉන්නවා. එයාලා නම් කියන්නේ මාර බලයක් තියෙන්නේ එතැනට ඇතුළට ගියාම එළියේ ඉන්න කෙනාට නම කියලා කතා කරන්නේ.ඉතිං මට හිතාගන්න බැහැ අපි මේ කොතනටද යන්නේ කියලා. නමුත් මම අපේ නායකතුමන්ගෙන් කෙලින්ම ඇහුවා මොකද මම ඔය වගේ දේවල් වලට හරිම විරුද්ධයි. සර් හරි සර් ගේ මැඩම් හරි අපේ එහෙම කොහෙහරි යනවාද ඇහුවා. එතකොට ඔහු නැ නැ අපි නම් ඕවා විශා්වාස කරන්නේ නැ කිව්වා.ඒක හරි ලොකු දෙයක් නැත්තම් අන්තිමට අපිටත් මේ පරිප්පුවමනේ කන්න වෙන්නේ..
එතුමිය කාලි මෑණියන් එකක් තමයි වැඩ කරනවා කියන්නේ.. මම හොයලා බැලුවා වටපිටාව. කාලි මැණියන්ට මේ ඥාන අක්කා එක්ක වැඩ කරන්න ඕනේ මේ ලොකේ වෙන තැන් නැද්ද? ඉතිං කාලි මෑණියන්ව ළඟට අරගෙන වැඩ ගන්නේ කියලා කියන්නේ එයාගේ දාසියෙක් කියලා කියන්නේ මෙයා.. එතකොට මෙතුමිය ඊට කලින් වැඩ කලේ හොස්පිට්ල් එකක මම හිතන්නේ.. ඕක ගලපගන්නකෝ ඉතිං.. දේශපාලනය කරන 99%ක් මිනිස්සු ඔය පෙන්නන චරිත නෙමෙයි. මම එක හොඳටම දන්නවා. මම ඒ හැමෝම අශ්රිය කරලා තියනවා.
එයාලාගේ ජිවිත තනිකර බොරුවක්. බෞධ්ධයින් කියලා පෙන්නන හැමකෙනාම ඒ බෞද්ධ ඇඳුම ඇඳගත්ත වේලාවට විතරයි. එකයි කියන්නේ මේ මිනිස්සු පුදුම රැවටීමක ඉන්නේ.. මම හොඳම උදාහරණයක් දෙන්නම්. මහින්ද රාජපක්ෂ මහත්තයාව ගන්නම්කෝ..
මිනිස්සු හිතනවා එයා හරිම ජාතිවාදි කියලා.එයා තරම් open minded මනුස්සයෙක් මම දැකලා නැහැ. එයාගේ ඔය ගෝලයෝ ටික මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි. අරකයි මෙකයි කියනවානේ.. මෙතන වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා ගත්තොත් එයා බලනවා තැනකට ගිහිල්ලා එයා බලනවා එතැන පොපියුලර් මොකද්ද කියලා. එයා ඒ පොපියුලර් එකට adjust වෙනවා අරෙන්න එයාගේ මතයක් එයා මිනිස්සු අතරට ගිනිහිල්ලා නැහැ..
ඇත්තටම කියනවා නම් මහින්ද මහත්තයා ඇතුළු ඔය පිරිස මුළු පවුලම හරිම රිලැක්ස් එකේ ඉන්නේ. හරිම open minded. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ එයාගේ අනුගාමිකයන් හිතාගෙන ඉන්නවා මෙයා අපි වගේ කියලා. එ නිසා මෙකෙන් එළියට එන්න ඕනේ මිනිස්සු.. හැබැයි තවදාහරි දවසක ඔය බබල් එක කැඩුන දවසට මහින්ද රාජපක්ෂ හැබැයි දක්ෂයි එයා දැන් අවුරුදු හැත්තෑ ගානක් එයා එච්චර කාලයක් ඕක කරගෙන ආවා කියන එක එක හරි දක්ෂකමක්. හැබැයි ඔය පවුලේ කොහේහරි තැනට ඔය බබල් එක කැඩෙනවා. කැඩුන දවසට ඔය විශ්වාස කරගෙන ගිය අනුගාමිකයන්ට සියදිවි හානි කරගන්න හිතෙයි..
දැන් අපේ සංවාදය මෙතනින් පස්සේ යන්නේ කෙටි ප්‍රශ්න සෙග්මන්ට් එකකට.
ඔබ පක්ෂයෙ පාඨලී චම්පිකගේ ඔබ දකින දුර්වලතා තුන මොනවාද?
ගුප්තකම.
එයාව කියව ගන්න හරි අමාරුයි.
ඔබේ පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාසගේ ඔබ දකින දුර්වලතා තුන මොනවාද?
අතිශය සංවේදියි.
මේ වේලාවේ මහින්ද රාජපක්ෂට උපදෙසක් දෙනවානම් මොන වගේ උපදෙසක්ද දෙන්නේ?
දැන් නම් හරි කාලේ දැන් අයින් වෙලා ගෙදරට වෙලා පොඩි විස්කි බෝතලයක් එහෙම බීලා ආස දෙයක් කාලා බීලා ඉන්න කාලේ දැන්.. අපරාදේ ඔහොම මහන්සි වෙන එක ඇත්තටම.
ගොඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විස්තර කලොත්?
එතුමා උද්දච්ඡ මුග්දයෙක්.
ඊළඟට මම අහන්න කැමති ඔබට අවස්ථාව ලැබුනොත් මේ අය අතරින් අපේ රටේ අගමැති බවට පත් කරන්නේ කාවද?
රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ පාඨලී
මම නම් ඇත්තටම ෆොන්සේකා මහත්මයාට තමයි කැමති අගමැති විදියට. එතුමාට හරි තරහා යන පුද්ගලයෙක්. සජිත් සහ ෆොන්සේකා කියන combination එක ප්‍රහ්න නැතුව ටිකක් කල් හරි යන්න පුළුවන් වෙයි..
දේශපාලන උපදෙසක් ගන්න යනවා නම් ඔබ යන්නේ සුමන්තිරන් ළඟට, කරු ළඟට එහෙම නැතිනම් සජිත් ළඟට , රනිල් ළඟටද?
කරු..
සජිත් මහත්මයා මගේ ජිවිතේට ගොඩක් උපදේස් දුන්න කෙනෙක්.හැබැයි කරු මේ වේලාවේ දෙශපාලනය කරන්නේ නැනේ..එතුමා හරි නිවිච්ච කෙනෙක් විදියට මට එතුමා එකක් තිබෙන සම්බන්ධතාවය ඉතා ගැඹුරුයි. මම එතුමාගේ තාත්තා වගේ පැත්තක් දැක්කා.. මට තවම සජිත් මහත්තයාව තාත්තා කෙනෙක් වගේ පෙනිලා නැහැ.එතුමා මට සහෝදරයෙක් වගේ.
වාර්තමාන දේශපාලනයේ නිරත වෙලා ඉන්න කාන්තා චරිත අතරින් ඔබ අගය කරන කාන්තාවන් කිහිපයකගේ නම් ලබා දෙනවා. ඔවුන්ට ලකුණ ප්‍රමාණයන් කියන්න.
හරිනි - 4
පවිත්‍රා වන්නිඅරච්චි - 3
රෝහිනි - 2
ඩයනා ගමගේ - 5
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ - 1
මේ කියන නම් අතරින් ලංකාවට වැඩිම හානියක් කලේ කවුද?
මහින්ද රාජපක්ෂ
ගොඨාභය රාජපක්ෂ
මෛත්‍රීපාල සිරිසේන
ප්‍රේමදාස රණසිංහ
මට හිතෙනවා මෛත්‍රීපාල මහත්මයා කියලා. මොකද එයට දීපු ජනවරම එයා හරි සැහැල්ලුවට ගත්තා. එයා දන්නේ නැහැ මිනිස්සු එයා ගැන මොනතරම් බලාපොරොත්තු තියා ගත්තාද කියලා. මීට වඩා භායනකයි 2014 කාලේ.. ඒ කාලේ ඉඳන් මෙයාට ලැබුණ වරම මෙයා හරියට පාවිච්චි කලා නම් එයාට නොබෙල් ත්‍යාගයට පවා යන්න තිබුන මනුස්සයෙක්. එයාටත් වුනේ එයාගේයි රනිල් වික්‍රමසිංහගෙයි තියෙන උද්දච්චකම නිසා තමයි ඒ ගැටළුව ඇති වුනේ. එයාට ඕන තරම් අවස්ථාවන් තිබුණා මේක වෙනස් කරන්න. එහෙම තියෙද්දී එයා කරපු විනාසය අර කට්ටිය කරපු දේට වඩා ලොකුයි. මෙයා මිනිස්සුන්ගේ ජනවරටම පයින් ගැහුවා.
ලංකාවේ දේශපාලනය තුළ ඔබ අතීතයට ගිහිල්ලා ඔබේ පියාගේ මරණය හැර ඔබට වෙනස් කරන්න දෙනවා නම් ඔබ වෙනස් කරන්නේ මොන සිද්ධියද?
මට ඔළුවට නම් එකක් එනවා....මම එහෙනම් D.A. රාජපක්ෂට කියනවා පොඩ්ඩක් ඉවසන්න කියලා.. මේ රටට මේ රාජපක්ෂවරු කියන්නේ පිළිකාවක්.. එකට හරි නම් අපේ තාත්තාටත් බ්ලෙම් කරන්න ඕනේ හරිනම්.
0 Comments