homagama-hospital

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක් සහ පුද්ගලයන් තිදෙනකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යමෙන් පසුව ඔවුන්ගේ භාරකරුවෙක් නොමැති වීමෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිර්මට බාධා එල්ල වී ඇතැයි හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.

ගොඩගම, ලයනල් ජයසුරිය මාවතේ අංක 39/01 ලිපිනය යටතේ සයිමන් කුමාර (59) නමැත්තෙකු ඉකුත් පෙබරවාරි 12දා රෝහල්ගත කර ඇති අතර ඊට පසුදා මිය ගොස් තිබිණි.මේ අතර තලවතුගොඩ ප්‍රීතිපුර අංක 379/01හි පදිංචි නිහාල් නමැත්තෙකු විසින් ජේ.ඒ.එස් ජයසිංහ (57) නමැති පුද්ගලයකු ඉකුත් පෙබරවාරි (13දා) රෝහල්ගත කර ඇති අතර පෙබරවාරි 20දා මියගොස් තිබිණි. මෙම තවද කොස්ගම බොරළුගොඩ අංක 242 පදිංචි චාමර සම්පත් නමැත්තෙකු විසින් එච්. පී.සෝමරත්න යන (85) හැවිරිදි පුද්ගලයකු ඉකුත් ජනවාරී (15)දා රෝහල්ගත කර තිබූ අතර පෙබරවාරි 18දා ඔහු මෙසේ මිය ගොස් තිබිණි.



ඊට අමතරව පාදුක්ක මීපේ අංක 25/02 හි පදිංචි ගාමිණී අභයවික්‍රම නමැත්තෙකු විසින් කරුණ විජේවර්ධන නමැති (72) කාන්තාවක් පෙබරවාරි (25)දා රෝහල්ගත කර ඇති අතර පෙබරවාරි 28දා ඇය මිය ගොස් තිබේ.ඒ අනුව මියගිය පුද්ගලයන්ගේ භාරකරුවන් පදිංචි බවට සටහන් වී තිබූ ස්ථාන අයත් පාදුක්ක, තලංගම, මීපේ සහ කොස්ගම පොලිස් ස්ථානවලට රපෝර්තු කර ඇතත් එවන් ලිපිනයක් හෝ පුද්ගලයකු මේ දක්වා සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය කියයි.



ඒ හේත්තුවෙන් මෘත දේහ හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මත දේහ හයක් තැන්පත් කිරීමේ පහසුකම් ඇති ශීතකරණයේ මේ වන විට හඳුනා නොගත් මත දේහ 4ක්ම තැන්පත් කර තැබීමට සිදුවීමෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි. එබැවින් ඉහත තොරතුරු සඳහන් පුද්ගලයන් පිළිබඳ මෙන්ම මිය ගිය පුද්ගලයන් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් හෝමාගම මූලික රෝහල් 0112 855200 දුරකථන අංකයට අමතා තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)