kaduwela-childrens-home

දිවුලපිටිය , කඩුවල ප්‍රදේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09ක් වූ පිරිමි දරුවකුගේ ශිෂ්ණයට දමා නිවාසය පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලීසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී .ඒ. සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.





අදාළ දරුවාට නින්දෙන් මුත්‍රා පිටවීම සිදුවී තිබෙන අතර. ඊට උරණ වී ඇති ළමා නිවාසයේ පාලිකාව දරුවාව එම ළමා නිවාසයේ පිහිටි පහළ නාන කාමරයට රැගෙන ගොස් එම දරුවාගේඇදුම් ඉවත් කර දරුවාගේ ශිෂ්ණයට මෙසේ මිරිස්කුඩු දමා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැනු දරුවන් 25දෙනෙකු පමණ සිටින බවත්,

එම ළමා නිවාසයේ සිටින දරු දැරියන්ට එම ළමා නිවාසයේ පාලිකාව විසින් අනිසි විදියට බලපෑම් සහ තාඩන පීඩන කරමින් අකටයුතු ක්‍රියාවන් සිදුකරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවත්, දිවුලපිටිය පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ උපපොලිස් පරික්ෂක සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. රෝහල්ගත කර සිටින දරුවාගේ සහ එම ළමා නිවාසයේ වාසය කරන දරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට දිවුලපිටිය පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා,



යම් වරදක් සිදුවී ඇත්නම් එම ළමා නිවාසයේ පාලිකාවට එරෙහිව නීතිමය පියවර ගත්තා ලෙසද නියෝග කලේය. කඩවල ප්‍රදේශයේ පිහිටි එම ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ගම්පහ ප්‍රධාන පරිවාස කාර්යාලයට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි.