kalutara-incident

දාහත් හැවිරිදි සිසුවියක වයසින් වැඩි අයෙකු සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් මවකළ අවවාදයකට උරණවී මවගේ හිසට මිටි ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකර ඇතැයි කියන සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන ඊයේ (6) කළුතර, අධිකරණයට ඉදිරිපත් පත් කිරීමට නියමිතව සිටි බව බේරුවල පොලිසිය කියයි.

සිය නිවසේ දී මව සමග විටින් විට උරණ වී නිතර අඩදබර ඇති කරගන්නා බවත් පෙරේදා (5) පස්වරුවේ මව සමග ඇති කරගත්  කතා බහ දුරදිග ගොස් නිවසේ තිබූ යකඩ මිටියකින් මවගේ හිසට එල්ල කල පහර කීපයකින් ඇය තුවාල ලබා බේරුවල පොලිසියට පැමිණිලි කර රෝහල්ගත වී ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

තම පියා සහ මව පහර දුන් බව කියමින් සැකකාර දියණිය මෙයට මාස එකහමාරකට පෙර රුධිරය තැවරුණු පාසල් නිල ඇඳුම පිටින් බේරුවල පොලිසියට පැමිණිලි කර ඇති සිද්ධියක් විභාග කර සමථයකට පත්කර අවවාද කර බවත් පොලිසිය කියයි.  දුවගෙන් පහර කා තුවාල ලැබූ මව  බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග  කියයි.

බේරුවල පොලිස් ස්ථානාධිපති  ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස්  මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරික්ෂක නිලධාරිනී කුමාරී ජයරත්න මහත්මිය වැඩිදුර විමර්ශන සිදුකරයි.