කැබිලිත්ත කතරගම දෙවොල් පුදබිම ආශ්‍රිතව නිරතුරුව සැරිසරන 'රාජා" නාමයෙන් හඳුන්වනු ලබන හස්තියාට තවත් හස්තියෙකු විසින් පහර දීම හේතුවෙන් හොඩවැලට බරපතළ තුවාල සිදුව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. කුඹුක්කන් ඔය ආශ්‍රිතව පිහිටා ඇති කැබිලිත්ත පුදබිමට පැමිණෙන ජනතාව විසින් ලබාදෙනු ලබන ආහාර සහ පලතුරුද නිරතුරුවම ආහාරයට ගෙන ඒ ආශ්‍රිතව නිතරම රැදෙමින් සිටින රාජා හස්තියාට වනාන්තරයෙන් පැමිණි තවත් අලියකු විසින් පහරදීම සිදුකර ඇති බවද ඔවුහු සඳහන් කළහ. කැබිලිත්ත දේවාලය කරා පැමින ජනතාවට කිසිදු කරදරයක් රාජා හස්තියාගෙත් සිදු නොවන බවත්,
අලියාට දියවැඩියා රෝගී තත්වයක් තිබෙන බැවින් වනඅලියාට ආහාරපානාදිය දැඩිලෙස ලබා නොදෙන ලෙසට වන්දනාකරුවන්ගෙන් පශු වෛද්‍යවරු ඉල්ලා සිටියහ. මේ පිළිබදවදාව වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා මෙසේ පැවසීය.
"කැබිලිත්ත දේවාල ප්‍රදේශයේ සිටින 'රාජා' නමින් හදුන්වන හස්තියාට සිදුවී ඇති තුවාල සදහා වනජීවී පශු වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර කිහිපයක්ම මේ වනවිට සිදුකර තිබෙනවා. හස්තියාගේ තුවාල මේ වනවිට සුව තත්වයට පත්ව ඇති බවට වාර්තා වෙනවා. වනයේ සැරිසරනා හස්තියෙකුට ප්‍රතිකාර කිරීම බොහෝ සැලසුම්සහගතව සිදුකළ යුතු කටයුත්තක් බැවින් වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු එය නිසිලෙස මේ වනවිට වගකීමෙන් සිදුකර තිබෙනවා”
(තිස්සමහාරාම - රුක්මන් රත්නායක)
0 Comments