පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද (31) පස්වරුව වනවිට මෙරට සියලු තාප බලාගාර අක්‍රිය වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසා තිබේ. එය අර්බුදය තවත් උග්‍ර කිරීමකි.
සක්‍රීය මට්ටමේ තිබූ කැලණිතිස්ස බලාගාරය ද මේවනවිට සම්පූර්ණයෙන් අක්‍රීය වී තිබෙන අතර අද පස්වරු 05 ට පමණ එම බලාගාරයේ කටයුතු අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි තහවුරු කළේය.
සෙසු ඩීසල් සහ දැවිතෙල් බලාගාර ද මේවනවිටත් අක්‍රීය මට්ටමේ ඇති බව ඔහු සඳහන් කළේය.
සපුගස්කන්ද බලාගාරයේ ජනන කටයුතු නතර වී ඇත්තේ දැවිතෙල් නොමැතිවීම හේතුවෙනි.
කෙසේවෙතත් අද පස්වරුව වන විට කැළණි තිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා ඩිසල් මෙට්ට්‍රික් ටොන් මිලියන 1.5ක් නිකුත් කිරිම ආරම්භ කරනු ඇතැයි වාරඒතා කර තිබේ.
විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබාදීමට ලංකා IOC සමාගම එකඟතාවය පළකර තිබේ.
මෙම සඳහා ඩොලර් වෙනුවට රුපියල් ගෙවීමට එකඟ වූ බව ද වැඩිදුරටත් වාර්තා විය.
0 Comments