kulee-sinna-niwasa-programme-housing

 "අඩු හා මධ්‍ය ආදායම්ලාභී පවුල් සඳහා වන කුලී සින්න නිවාස වැඩසටහන - 2022" මේ වන විට ආරම්භ කර ඇති බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා පැවසීය.


ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ග්‍රාමීය නිවාස සහ ඉඳි කිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා රුපියල් මිලියන 2,500ක මුදලක් අමාත්‍යාංශයෙන් වෙන් කර ඇති බවද, අදාළ ව්‍යාපෘති හඳුනාගෙන සැලසුම් සකස් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
නිවෙසක් නොමැති. ඉඩමක් නොමැති දීපිකාලීන කුලී නිවාසවල සිටින පුද්ග ලයන් සදහා මෙම නිවාස දෙන බව කී ෙ ලේකම්වරයා, මෙම කුලී සින්න නිවාස වැඩසටහන මහනුවර, කුරුණෑගල,  ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව, කොළඹ, ගම්පහ, කළුතර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බවද පැවසීය. නිවාස 464ක් පළමු අදියර යටතේ ගොඩනගන බව කී ලේකම්වරයා,

ඉදිරියේදී රට පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන තුළින් සහනදායී දිගුකාලීන ගෙවීම් ක්‍රමයක් යටතේ නිවෙසේ සින්නක්කර හිමිකම් ප්‍රදානය සිදු කෙරේ.