මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද (26) සවස අකුණු සැර වැදීම හේතුවෙන් 25 දෙනකු මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව වාර්තාවේ.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වේ.ෙ
මියගිය කාන්තවකගේ භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකර පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණු සැරවැදී ඇති අතර ඒ අවස්ථාවේ සුසාන භූමියේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බව සිද්ධිය දුටුවෝ පවසති.
0 Comments