lokuge-speaks

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබුණද රට පුරා පවතින ඉන්ධන පෝලිම් අවසන් වීමට තවත් දින දෙකක් පමණ ගත වනු ඇති බව බලශක්ති ඇමැති ගාමිණි ලොකුගේ පැවසුවේය.





ඔහු පෙන්වා දුන්නේ ඊයේ [17 වැනිදා] දහවල් වන විට කොළඹ නගරයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් තොග සහ පෙට්‍රල් තොග යවා ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් බලශක්ති ඇමැතිවරයා මෙසේද අවධාරණය කළේය.

'' ඉන්ධන බවුසර් හිමියෝ එකවරම වැඩ වර්ජනය කරන්න ගත්තා, ඒකෙන් තමයි යම් තාක් දුරකට කළමනාකරණය කරගෙන ආපු ඉන්ධන පෝලිම් ටික තව වැඩි වෙන්න ගත්තේ. ඔවුන් දැන් වර්ජනය නවත්තලා ඉන්නේ. දින දෙකක් පමණ යාවි තත්ත්වය සමනයට පත්වෙන්න. මෙතන තියෙන්නේ ඉන්ධන හිඟයක් නෙමෙයි අපිට. පෙට්‍රල් සහ දැවිතෙල් නැව් දෙකක් මේ වනකොට මුතුරාජවෙල ගබඩා සංකීර්ණයට ගොඩබානවා.

ඒ නැව් ගොඩබාන නිසා තමයි ඩිසල් නැව තාම ගොඩබාගන්න බැරි වුණේ. ඉන්ධන පෝලිම් තියෙන්නේ බෙදාහැරීමේ ගැටලු නිසා ඉන්ධන හිඟයක් නිසා නෙමෙයි. පෙට්‍රල්වල පොඩි අඩුවක් වුණා පහුගිය දවස්වල නමුත් දැන් පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණයට තියනවා.