lokuge-speaks
සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ලක්ෂ 31කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ 5000 දීමනාව හිමිවන බවය.



ප්‍රශ්නය – මොනවාද විශේෂ ගත්ත තීරණ?

අමාත්‍යවරයා – “සිංහල අවුරුද්දට අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5,000 ගානේ මාස 2ක් දෙන්න තීන්දු කළා. සිංහල අවුරුදු බෝනස් එකක් හැටියට. අපි ගණන් බලලා තියෙනවා 31 ලක්ෂයක් විතර ඉන්නවා කියලා.”

ප්‍රශ්නය – මෙවාට මුදල් තියෙනවා ද ?

අමාත්‍යවරයා – “මුදල් තියෙනවා. මුදල් නැත්නම් දෙන්න බැනේ. “