mahindananda-speaks

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පුවත්පත්සාකච්චාවකදී පළකර ඇති අදහස් මෙසේය.



මේ තියෙන දුෂ්කරතා එක්ක ඉදිරියේදී රටේ ආහාර හිඟයක් පවා ඇතිවෙන්න පුළුවන් කියලා ඇතැම් පාර්ශ්ව කියනවා. කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ඒ වගේ තත්ත්වයකට මුහුණ දීමේ සූදානම කොහොමද ?


ඉදිරියේදීත් රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. මේ වෙද්දි අපට අවශ්‍ය වී ප්‍රමාණය තියෙනවා. දැන් එළවළු මිලත් යම්තාක් දුරට අඩු වෙලා තියෙනවා. ඒ නිසා හිඟයකින් තොරව ආහාර ලබා දෙන්න පුළුවන්. ආහාර හිඟයක් ඇති වෙනවා කියලා කිසිම කෙනෙක් අනවශ්‍ය කලබලයක් ඇතිකරගත යුතු නැහැ.




අද පාරට බැස්සාම මිනිස්සු විදින දුෂ්කරතා ගැන පාක්ෂිකයෝ මොකද කියන්නේ ?

හැම දෙනෙක්ම මේ වෙලාවේ අර්බුද ගණනාවකට මුහුණ දීලා තියෙනවා කියලා අපි පිළිගන්නවා. නමුත් ඒ අර්බුද සියල්ල අපි නිර්මාණය කළ දේවල් නොවෙයි. බඩු මිල වැඩිවෙලා, ගෑස් නැතිව, අත්‍යවශ්‍ය භාණ්ඩ නැතුව පෝලිම්වල ජනතාව දුක් විඳිනවා. නමුත් අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා ආණ්ඩුවක් හැටියට අපි වගකීමෙන් කියනවා. ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ මේ ආණ්ඩුව සංවේදීව කටයුතු කරනවා.



ජනතාවගේ ගැටලු පිළිබඳව ආණ්ඩුව සංවේදීව කටයුතු කරනවා නම් ආණ්ඩුව ගන්න තීරණ වලින් ජනතාවට සහන සැලසිය යුතුයි. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා පාලන මිල ඉවත් කරමින් ගත් තීරණ නිසා මහජනතාව කබලෙන් ළිපට වැටුණා. ?

වෙළෙඳපොළේ ඇති වෙලා තිබුණ භාණ්ඩ හිඟය මඟහරවා ගැනීමේ මූලික අරමුණෙන් අපි මිල පාලනය ඉවත් කළා. ඒ තත්ත්වය සමනය වුණාට පසුව නැවතත් පාලන මිල පැනවීමට කටයුතු කරනවා.

සංවාදය - නිරෝෂා වාසල