ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයනවිට ඇගේ වයස අවුරුදු 86 කි.
ප්‍රකට ටෙලි නළු රොෂාන් පිළපිටියගේ මෑණියන් වන මල්ලිකා පිලපිටිය මහත්මිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව‘ සිනමා කෘතියෙහි ප්‍රේමවතී චරිතයට පණ දුන් ප්‍රධාන නිළිය වන්නීය.




 ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් බවට එම චිත්‍රපටය පත්වූ අතර ඇය රඟපෑ එකම චිත්‍රපටයද එයයි. පසුකාලීනව ඇය ලෙස්ටර්ගේ "ගොළු හදවත" ටෙලිනාට්‍යය සදහාද රංගනයෙන් දායක වූවාය.
මල්ලිකා පිලපිටිය මහත්මිය අවසන් සමය ගත කළේ රොෂාන්ගේ නිවසේය. අද (26) පෙරවරුවේ දී ඇය අභාවප්‍රාප්ත  විය.
1936 ඔක්තෝබර් මස 04වැනි දින හගුරන්කෙත ග්‍රාමයේදී උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.