රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අයහපත් පලවිපාක දැන් දැන් කුරිරු ලෙස වාර්තාවන්නට පටන්ගෙන තිබේ. යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැති යුක්රේනයේ වෛද්‍ය විද්‍යාව හදාරන්නට ගිය ඉන්දීය සිසුවෙකු මියගිය පුවත අද (1) වාර්තා විය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අද උදෑසන Kharkiv හි වෙඩි තැබීමකින් ඉන්දීය සිසුවෙකුගේ ජීවිතය අහිමි වූ බව දැනගත් බවයි. මියගිය සිසුවාගේ පවුලේ අය සමඟ අමාත්‍යාංශය සම්බන්ධතා පවත්වා තොරතුරු හුවමාරු කරගන්නා බවද දන්වා තිබුණි.
මිය ගොස් ඇත්තේ කර්නාටක ප්‍රාන්තයේ පදිංචි නවීන් නමැති සිසුවෙකි. 21 හැවිරිදි නවීන් යුක්රේන සරසවියක MBBS ශිෂ්‍යයෙකි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi ද සිසුවාගේ මරණය තහවුරු කරමින් ඒ ගැන විස්තර කර තිබුනේ බංකරයකින් තැබූ වෙඩිල්ලකට ඔහු කුරිරු ලෙස ගොදුරුවූ බවයි.රුසියානු සොල්දාදුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වන විට තවත් පිරිසක් සමඟ ආහාර මිලදී ගැනීම සඳහා නවීන් ආණ්ඩුකාරවරයාගේ නිවස අසල සිටගෙන සිටි බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු තානාපති කාර්යාලයෙන් ඉන්දීය සිසුන් උපකාර ඉල්ලා ඇත.
දවස් දෙකකට පෙරත් වීඩියෝ කෝල් එකෙන් තම පියාට කතාකළ බව පැවසෙන නවීන්ගේ දිවි අහිමිවීම සමග යුක්රේනයේ සිරවූ දහස් ගණන් විදෙස් සිසුන් භීතියට පත්ව ඇත.
යුක්රේනයේ ඉන්දියානුවන් 20,000 ක් පමණ සිටනෙ බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගිය අය බවත් කියැවේ.
යුද්ධය වාර්තාවීම නිසා ඔවුන්ගෙන් 4,000 කට වැඩි පිරිසක් නැවත ඉන්දියාවට පැමිණ ඇති අතර ඉතිරි පිරිස තවම සිරවී ඇත.
මෝදි රජය මේ අය ගෙන්වා ගැනීමට මෙහෙයුමක්ද දියත් කළ අතර ‘ගංගා මෙහෙයුම‘ නමින් එය නම් කර තිබුණි.
ගංගා මෙහෙයුමේ අටවන ගුවන් යානය අඟහරුවාදා බුඩාපෙස්ට් (හංගේරියාව) සිට දිල්ලි බලා පිටත් වූ බවද රජයේ ආරංචි වාර්තා කර තිබේ. යුක්රේනයේ සිට ඉන්දීය සිසුන් 182 දෙනෙකුගෙන් යුත් ගුවන් යානයක්ද අද (1) අලුයම චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
නවීන්ගේ දේහය නැවත ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සෑම උත්සාහයක්ම ගන්නා බව පවුලේ අයට දන්වා තිබේ.
0 Comments