අමෙරිකා එක්සත් ජනපද රජය යටතේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 500ක් වටිනා මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් (MCC) ආධාර ප්රදානය අනුමත කිරීමට නේපාල පාර්ලිමේන්තුව පසුගිය ඉරිදා තීරණය කර ඇතැයි වාර්තා වෙයි. නේපාලය තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් මෙම මුදල් ප්රදානය සිදුකිරීම සලසුම විය.
2017 වසරේදී ල රජය සහ MCC ආයතනය අතර මෙම ප්රදානය සදහා වන එකගතාව ඇතිවිය.කෙසේ වෙතත් ඒ සදහා නේපාලයේ කමියුනිස්ට් පක්ෂ ඇතුළු විය දැඩි විරෝධයක් පළකළ අතර, ජනතාව අතරද විරෝධතා මතු විය. ඒ අනුව මෙම එකගතාවට අත්සන් තැබීම පමා වූ අතර, පසුගිය ජනවාරී මාසයේදී එක්සත් ජනපදයේ MCC ආයතනයක් මාලය වෙත දැනුම්දීමක් සිදුකරමින් එම මුදල් ප්රදානය පිළිබද අවසන් තීරණයක් ගැනීම පෙබරවාරි 28දාට පෙර සිදුකළ යුතුව ඇතැයි සඳහන් කර තිබුණි. එස් නොමතිවුවහොත් එම ප්රදානය රැගෙන වෙනත් රටකට යන බවද MCCආයතනය පැවසීය. ඉදිරියේදී මෙම MCC ප්රදානය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙදදී එරට පාර්ලිමේන්තුව ඉදිරිපිටදී දැවැන්ත ජනතා උද්ඝෝෂණ රැසක්ද සංවිධානය විය.
0 Comments