microsoft-ceo-satya-nadellas-son-zain-dead-at-26

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නඩෙල්ලාගේ පුත් සයින් (Zain) සඳුදා වයස අවුරුදු 26 දී මියගිය බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.


 මස්තිෂ්ක අංශභාගය සමඟ ජීවිත කාලය පුරාම සටනක නියැළි මෙම තරුණයා ගැන මින් ඉහත විවිධ වාර්තා පළව තිබුණි.
නඩෙල්ලාගේ පුතා - ඔහුගේ දරුවන් තිදෙනාගෙන් වැඩිමලාය. බිරිය ගර්භාෂයේ හුස්ම හිරවීමක් අත්විඳින අතර රාත්තල් තුනක් පමණක් බරින් උපත ලැබු වේ රෝගාබාධ සහිතවය.

Zain Nadella සියැටල් ළමා රෝහලේ රැකවරණය ලබමින් පසුවූයේය. මස්තිෂ්ක ආඝාතයට ලක්ව ප්‍රතිකාර ලබන්නෙකු වූ ඔහුගේ දෑස්ද අන්ධව පැවතිණි.
මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අනු සිය දරුවා බලාගන්නා සියැටල් ළමා රෝහලට ඩොලර් මිලියන 15ක් පරිත්‍යාග කර තිබුණි.

නාඩෙල්ලා ඉපදුනේ වර්තමාන ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තෙලන්ගානා ප්‍රදේශයේය. ඔහු හැදුනේ තෙළිඟු භාෂාව කතා කරන හින්දු පවුලක ය. ඔහුගේ මව ප්‍රභාති සංස්කෘත විෂයෙහි කථිකාචාර්යවරියකි.ඔහුගේ පියා බුක්කපුරම් නඩෙල්ලා යුගන්දර් ඉන්දියානු පරිපාලන සේවා නිලධාරියෙකි.
1988 දී කර්නාටකයේ මනිපාල් තාක්‍ෂණ ආයතනයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක්  හා1996 දී චිකාගෝ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පාසලෙන් MBA උපාධියක් ලබා ගත්තේය.
ඔහු මයික්‍රොසොෆ්ට් හා සම්බන්ධ වන්නට පෙර සන් මයික්‍රොසිස්ටම් ආයතනයේ වැඩ කළේය.


1992 දී නාඩෙලා තම පියාගේ හොඳම මිතුරාගේ දියණිය බව කියන අනුපමා නමැත්තිය සමඟ විවාහ විය.
ඇය පාපන්දු ගැසීමටද කැමත්තක් දක්වන වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිණියකි. මෙම යුවළට මියගිය පුතාට බාල  දියණියන් දෙදෙනෙකු සිටින අතර ක්ලයිඩ් හිල්  සහ වොෂිංටන්හි ඔවුහු පදිංචිව සිටිති.