අධ්‍යාපන අනධ්‍යයන සේවා සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා පළාත් සභා පාසල් 1,000ක් ජාතික පාසල් කිරීමේදී එම පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවකයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා පළාත් සභා පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවකයන්ට ස්ථාන මාරු ලබාගැනීම නොහැකි වී තිබෙන බවත්, පළාත් සභා 09 බඳවා ගැනීම ක්‍රම 09කට සිදුවන බවත් ජාතික පාසල්වලට බඳවා ගැනීම වෙනත් ක්රමයකටත් සිදුකරන බවත් එම සංගමයේ ලේකම් අපිත් තිලකරත්න මහතා පැවසීය.
මේ නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2016 වසරේදී කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබෙන බවත්, අදාළ කටයුත්ත සඳහා නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2006.11.09 වැනිදා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.එහෙත් මේ දක්වා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අදාළ නිර්දේශ ලබාදී නොමැති බවත්, මේ නිසා අධ්‍යාපන අනධ්‍යයන සේවා සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිර්මටත් නොහැකි වී තිබෙන බවත් ලේල්කම්වරයා සඳහන් කළේය. ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසා පළාත් සභා 09 තුළ අධ්‍යාපන අනධ්‍යයන සේවාව තුළ පාසල් කාර්ය සහායක, පුස්තකාල සේවක,
රසායනාගාර සේවක, පාසල් මුරකරු හා මුරකාරියන්, සනීපාරක්ෂක කම්කරු තනතුරු යටතේ සේවකයන් සේවය කරන බවත්, එහෙත් ජාතික පාසල්වල පාසල් කාර්ය සහායක තනතුරු ඇතුළු පළාත් සභා පාසල්වල පවතින තනතුරු රැසක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේදී මෙම පීරිස් ජාතික පාසල්වල පවතින තනතුරුවලට මාරු කිරීමට සිදුව තිබෙන බවත්, එය ගැටලුකාරි තත්ත්වයක් බවට පත්ව තිබෙන බවත් ලේකම්වරයා පැවසීය.මේ නිසා ඉදිරි දින 21 කාලය තුළදී අදාළ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු නොකළහොත් ලබන මස 18 වැනිදායින් පසු ජනාධිපති ලේකම් කාර්යාලය මූලික කර ගනිමින් ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments