nilpanagoda-tele-brothel-raided

මේ දිනවල ජනප්‍රියව පවතින ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායකවන ටෙලි නිළියන් දායක කරගෙන  ඔවුනගේ පහස ලබාදෙන බවට ප්‍රචාරය කර ඉහළ මිලක් අයකරමින් පවත්වාගෙනගිය ගණිකා තිප්පොලක් වැටළීමට පොලිස් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය කටයුතුකර තිබේ.


වැටළීමට ගිය පොලිස් කණ්ඩායම විමතියට පත්කරමින් මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නිළියකද ගණිකා සේවය ලබාදෙමින් සිටියදී හසුව ඇතැයි වාර්තාකර තිබේ.
 පෙරේදා (10දා) වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් මිනුවන්ගොඩ නිල්පනාගොඩ අලූතැපොළ ප‍්‍රදේශයේ
හෝටලයක උඩු මහලේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වැටළූ අතර එම ස්ථානයේ එම අවස්ථාවේ එකී ටෙලි නිළිය හා නිවාසයේ කළමණාකාරිනිය සිටි බවත් සේවය ලබින් සිටි පුද්ගලයා මුදාහැර ඔවුන් දෙන්නාම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ විදුලිය විසන්ධිකර තිබී ඇති අතර වෙනත් දිනවල මේ ස්ථානයේ සේවය සඳහා සිව්දෙනකු පමණ සිටින බවත් විදුලිය විසන්ධිවී තිබීම නිසා කිහිපදෙනෙක් පැන ගන්නට ඇතැයි පොලිසිය සැක කර තිබුණි.



මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑම සඳහා නිළියන් සැපයීම ටෙලිනාට්‍යවල ආරක්‍ෂක අංශ නිලධාරියකුගේ චරිතයට පෙනී සිටින අයෙකු විසින් සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇත.