nimal-lansa-resign

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙයි. ඔහු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබු අතර පසුගිය කාලයේ අධිවේග මාර්ග කොමිස් සම්බන්ධ ආරවුලක් නිසා කලකිරී සිටි බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.


ටික දිනකට පෙර පාර්ලිමේන්තුවේදීද මේ ගැන සඳහන් කළ මුත් ඔහු කිසිවෙකුට ඇඟිල්ල දිගු කර චෝදනා කරන්නට මැළි විය.
මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේෙ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා  මාස කිහිපයක් සදහා විදෙස්ගතව සිටින බවකි.
පසුගිය කාලසීමාවේදී දේශපාලනය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් පසු මානසික විවේකය පතා ඕස්ට්‍රෙලියාවට ගොස් ඇති බවකි.