නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පැනනැගුණ ආරවුලක අවසන් ප්‍රතිඵලය ලෙස පුද්ගල මරණයක් වාර්තාවී තිබේ.
ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර මෙකී ආරවුල ඇතිවී තිබේ.
පසුව ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර, ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකර පළාගොස් ඇත.
තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval