රජයට අයත් පිස්තෝලයක් නැවත බාර නොදී පරිහරණය කිරීමට සම්බන්ධයෙන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
පණ්ඩු බණ්ඩාරනායක මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ ඔහුට මෙම පිස්තෝලය රජයෙන් ලබා දී ඇති බවත්, එය මේ දක්වා බාර දී නැති බවත් හෙතෙම කීවේය. එම ගිනි අවි බලපත්‍රය යාවත්කාලීන කිරීම සඳහා ඉල්ලීමක් ද නොකර, එය පරිහරණය කර ඇති බව ද නිහාල් තල්ලුව මහතා සඳහන් කළේය.ගජමුතු ගනුදෙනුවට අමතරව මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.
ගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අලෙවි කිරීමට ජීප් රථයකින් අම්පාරට ගොස් සිටියදී විශේෂ කාර්ය
බළකාය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පන්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පස් දෙනකු ඉකුත් 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුහු අප්‍රේල් මස 7 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. එම සැකකරුවන් පස් දෙනා අතර කාන්තාවක ද සිටී.. එම ගජමුතු සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, පතොරම් 8ක් හා හඳුනා නොගත් පාෂාණ කැබැලි 5ක් ද එහි තිබී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
0 Comments