peradeniya-hospital-india

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අද (29) සිට නවතා දැමීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබුණි.


පේරාදෙනිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සහ කලින් සැලසුම් කළ ශල්‍යකර්ම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විමසීමක් කර තිබේ.



පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ අමතමින් මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙම විමසීම සිදුකර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජායිශංකර්ගේ දැනුම්දීමකට අනුවය.

ඒ එම රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල සහ වෛද්‍ය උපකරණවල හිගයක් පවතින නිසා මෙම තීරණය ගත් බවටය.

තත්වය යථා තත්වයට ගෙන ඒමට තමන්ට කළ හැකි දෑ සිදු කන බවද ඉන්දීය මහකොමසාරිස්වරයා දන්වා ඇත.