අද (5) දිනයේ සිට විදුලි කප්පාදුව අහවර කරන බවට පසුගිය සතියේ ජනපති මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී තීන්දුවක් ගත් නමුත් ප්‍රායෝගික ලෙස විදුලි කප්පාදුව අහවර කිරීමට ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබී ඇති බවට කිසිදු ආරංචියක් තවම ලැබී නැත.
මෙම පසුබිමේ පසුගිය දිනවල දිගටම පැය හතහමාරක විදුලි කප්පාදුව තවදුරටත් ගෙනයමින් කාලසටහනක් නිකුත්ව ඇති අතර මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිකුත් කළ කාලසටහන අනුව සෙනසුරාදා (5) ඇතැම් ප්‍රදේශවලට පැය 7 ක් හා තවත් ප්‍රදේශ කිහිපයකට පැය 4 ක් ලෙස සටහන්වූ කප්පාදුවක් නියම කර ඇත.
කෙසේ වෙතත් විදුලි කැපීම අවසන් කිරීමට අදාළ ජනපති උපදෙස ක්‍රියාත්මක වන්නේදැයි අද දින උදෑසන මාධ්‍ය මගින් මහජන උපයෝගිතා කොමිසමේ ජනක රත්නායක මහතා සම්බන්ධ කරගත් වීට ඔහු ‘නොකපන්නටත් ඉඩ තිබෙන ‘ ආකාරයේ අනියමාර්තයෙන් ඒ ගැන සඳහන් කළේය.
නිසි පරිදි ඉන්ධන තොග ලැබුණහොත් අද (05) සිට විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇති බව ඔහු පැවසීය.
පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බව ජනක රත්නායක මහතා පවසයි.
නමුත් ඔහු මෙම ප්‍රකාශය ස්ථිර කර නොපැවසීම විශේෂිතය. ඔහු උදෑසන පත්තර වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත්තේ 6 වනදා ඉන්ධන තොගයක් නැවකින් එන බවත් එය 7 වනදා ගොඩබෑ පසු ඉදිරි දින 10 තුළ කප්පාදුව අවම විය හැකි බවත් පමණි.
ඒ සමගම ලබන මැයි මාසය දක්වාම ඉදිරි මාස දෙකේම වැසි ජලය ප්‍රමාණවත් නොවන නිසා විදුලි කප්පාදුව සිදුවිය හැකි බව ඔහු දන්වා ඇත.
0 Comments