power-cut-shedule-10-march

හෙට (10) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.
එම කලාපවල සවස් කාලයේ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල සඳහා පස්වරු 05 සිට රාත්‍රී 11 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.