banctrupt-sri-lanka-sirimal-abeyratne
විදේශ විනිමය අනුපාතිකයේ පිරිහීම මත භාණ්ඩ මිල වැඩිවීම සහ උද්ධමනය දිගින් දිගටම බලාපොරොත්තු විය යුතු බවත්, රුසියානු යුක්රේන යුද්ධය නොනැවතී ඇදුණාත් එය ශ්‍රී ලංකාව දැනටමත් මුහුණදෙන බරපතළ ප්‍රශ්නයට තෙල් දැමීමක් හා සමාන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.

විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳ පොළට ඉඩ සැලසීම හරහා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමෙන් ඉදිරියේදී ඉන්ධන, ගෑස් සහ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන්වල කවරාකාර වෙනස්කම් සිදුවේවිද යන්න පිළිබඳ කළ විමසීමකදී මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය.



"මේ වනවිට රටේ විදේශ විනිමය. පිළිබඳ දැඩි අර්බුදයක් තිබෙන නිසා, විදේශ විනිමය අනුපාතිකයේ පිරිහීම මත භාණ්ඩ මිල වැඩිවීම සහ උද්ධමනය දිගින් දිගටම සිදුවේවි. එසේ දිගින් දිගටම භාණ්ඩ මිල වැඩිවීම නිසා ඒ ප්‍රශ්නයට තවදුරටත් අපට මුහුණදෙන්න සිදුවෙනවා. කෙසේ වෙතත් ඩොලරයේ මිල පාලනය කරමින් තවදුරටත් එය රඳවාගෙන සිටියා නම්, අපට රටක් වශයෙන් මුහුණදීමට සිදුවන ප්‍රශ්න ඊටත් වඩා විශාල වෙන්න තිබුණා” යනුවෙන්ද ඔහු කියා සිටියේය. ඩොලරයේ වටිනාකම වෙළෙඳ පොළ  තුළ තීරණය වීමට ඉඩ හැරීම හරහා අපට ඇති ප්‍රශ්නවලට විසඳුමක් පෙනෙනතෙක් මානයක ඇතිදැයි මහාචාර්යවරයාගෙන් විමසුවෙමු. "ආර්ථික වශයෙන් ගත්විට මේ ක්‍රියාමාර්ගය හරී. කෙසේ වෙතත්,

අපී දිගින් දිගටම බැරි දෙයක් උත්සාහ කරලා, ඩොලරයේ මිල පාලනය කරමින් දිගටම තියාගෙන ඉඳලා, තවදුරටත් බැරී වනවිට එය අත්හැර්යාම ඉන් ඇතිවන ප්‍රතිවිපාකත් බොහොම බරපතළයි. ඉතින් ඒ ප්‍රතිවිපාකවලටත් අපට මුහුණදෙන්න සිදුවෙනවා. එසේ නම්, මේ ගනු ලැබූ ක්‍රියාමාර්ගය ව න්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න අපි වින්දේශ විනිමය උපයන්න ඕන්නෙ. හැබැයි ඒ ණයට අරගෙන නොවෙයි. අපි විදේශ විනිමය උපයන්නෙ ණයට අරගෙන බව කවුරුත් දන්නවා.

එය කළ යුත්තේ විදේශවලට අපේ භාණ්ඩ හා සේවා විකිණීමෙනුයි. එවිට මේ වෙනුවෙන් අපි ගන්නා ක්‍රියාමාර්ග සහ අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද කියන එක වැදගත් වෙනවා. ඒක අනුව තමයි,

අපි මේ ප්‍රශ්නයෙන් ගැලවීම තීරණය වෙන්නේ ඒ වාගේම, මේ අවස්ථාවේදී රුසියානු යුක්රේන යුද වාතාවරණය අනිවාර්යෙන්ම අපට බලපෑමක් ඇති කරනවා. ඊට හේතුව, රුසියානු-යුක්රේන යුද්ධය අවසන් නොවන්නේ නම්, මේ යුද්ධය ලෝකය පුරාම ඇතිවන බරපතළ ප්‍රශ්නයක් වෙනවා. කෝවිඩ්-19 ප්‍රශ්නය සමථයකට පත්වෙලා, ලෝකය පුරා ආර්ථිකයන් යථා තත්වයට  හැකි සෘජු ඵලවිපාක කිහිපයක් කියනවා නම්, පළමු වැනි දේ තමයි, ලෝකයේ ඇති බලශක්තිය, එනම්, තෙල් සහ අනෙකුත් බලශක්ති ප්‍රභවයන් සම්බන්ධයෙන් ඇතිවිය හැකි ප්‍රශ්න අතිවිශාලයි. එවිට මේ බලශක්ති ප්‍රශ්නය සඳහා අපට මුහුණදෙන්න සිදු වෙනවා,

අපි තෙල්. පිරිමසාගන්නේ ආනයනවලින් පමණයි. තෙල් නොමැතිව ලොකු අමාරුකම් ගොඩක ඉන්න වෙලාවේ,

කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක් තමයි මේ නිසා සිදුවන්නේ. ඒ නිසා අපට ඒ ප්‍රශ්නයට මුහුණදෙන්න සිදු වෙනවා.දෙවැනි කාරණය තමයි යුද්ධය දිග්ගැස්සෙනවා නම්, එය ආහාරවලට බලපානවා. ලෝකයේ ආහාර ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපත් රටක් ලෙස විශාල වශයෙන් අපේ ආහාර ද්‍රව්‍ය ආනයනය ද කරමින් සිටින නිසා ලෝකයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම කියන ප්‍රශ්නයට අපටත් අනිවාර්යෙන්ම මුහුණදෙන්න සිදුවෙනවා. මේ කාරණා දෙක තමයි ඍජුවම අප ඉදිරියේ තියෙන්නේ. තෙවනුව, රුසියාව සහ යුරේනය සමග අපේ තිබෙන විපාවික සබඳතා ගත්තාම, අපේ සංචාරක කර්මාන්තය වත්ම, අපේ වෙළෙඳාම, විශේෂයෙන් තේ වෙළෙඳාම ආදී වශයෙන් ඇතිවන බලපෑම්වලටත් අපට මුහුණදීමට සිදුවෙනවා. ලෝකයේ සමස්තයක් ලෙස ඇතිවන බලපෑම්වලට අමතරව තමයි, මේ බලපෑම්වලට අපට මුහුණදෙන්න සිදුවන්නේ. මේ ප්‍රශ්න සියල්ලම කැටි කරගත් විට අපේ ශ්‍රී ලංකාවට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක් බව පැහැදිලියි.” යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.

(ෂමිල පෙරේරා ADA)