pucsl-janaka-10-hours-cut
හෙට (30) බදාදා පැය 10 ක විදුලි කප්පාදුවකට යාමට මහජන උපයෝගිතා කොමිෂම අවසර දී තිබෙන අතර මේ හේතුවෙන් වැඩකරන දිනයක ජාතික නිෂ්පාදනයේ විශාල පාඩුවක් මෙන්ම ජන ජීවිතයට නොයෙකුත් අපහසුතා මතුකරදී තිබේ.
මෙම අවදානම් තත්වය ගැන මාධ්‍ය මගින් කරුණු හෙළි කර තිබියදී මීට දින 4 කට පෙර මාර්තු 25 වනදා මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම පැය 10 කප්පාදු කතාව තරයේ ප්‍රතික්ෂේප කළේය.
තෙල් සංචිත අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් පැය 10ක විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු එහිදී කියා සිටියේ මෙසේය.


‘නෑ අනිවාර්යයෙන් පැය 10 ක් කැපෙන්නෙ නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හැටියට මට ඒ ගැන කෙලින්ම කියන්න පුළුවන්. මේ ගැන අවිශ්වාසයක් ඇතිකරගන්න එපා. ඒ ප්‍රමාණය පැය 10 කට යාමේ අවශ්‍යතාවයක් දැන් අපිට නැහැ මොකද අපට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව දැනට තියනවා.
තෙල් සංචිත මෙට්‍රික් ටොන් 10000 ක් තියනවා ගබඩා වල මේ සුමානෙ 20000 ක් අන්ලෝඩ් කරනවා. ඒ අනුව 30000 ක් තියනවා. ඒට අමතරව තවත් සඳුදා 30000 ක ෂිප්මන්ට් එකක් එන්න තියනවා. ඉදිරි කාලයේදි අපට ඉන්දියාවෙනුත් තෙල් එන නිසා ගැටලුවක් නැතිවෙයි.‘
 ඔහු සාවද්‍ය ලෙස කරුණු ප්‍රකාශ කළ අයුරු වීඩියෝව පහතින්