putin-war-end-conditions

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ යුක්රේනය ආක්‍රමණය පෙබරවාරි 24 වන දින නිල වශයෙන් ආරම්භ වීමත් සමඟ, ලෝකයේ එය අසාධාරණ දෙයක් ලෙස හෙළා දුටු අතර පැනවූ විවිධ සම්බාධක නිසා රුසියාව අභ්‍යන්තරව දුෂ්කර තත්වයකට පත් කර ඇත.


රුසියාව කියෙව්හි මිලිටරි අරගලය අතරවාරයේ, පුටින් යුද්ධය අවසන් කරන කොන්දේසි හයක් ඉදිරිපත් කර ඇත.සාකච්ඡා කළ නොහැකි කොන්දේසි මාලාවක් ලෙස මේ ගැන දේශපාලන විචාරකයින් අදහස් පළ කර ඇත.
ABC මාධ්‍ය ජාලාවට අනුව, යුද්ධය අවසන් කිරීම සඳහා පුටින්ගේ කොන්දේසි පහත පරිදි වේ:

 1) යුක්රේනය නේටෝවට ඇතුළු නොවිය යුතු අතර මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගෙන යා යුතුය.
 2) ක්‍රිමියාව රුසියාවේ භූමි ප්‍රදේශයක් ලෙස පිළිගත යුතුය.
 3) ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාන්ඩු සඳහා ස්වාධීනත්වය ලබාදිය යුතුය.


 4)  යුක්රේනය රුසියාවට තර්ජනයක් වන ඕනෑම ආයුධයක් අතැර දමා හමුදාකරණය නතර කළ යුතුය.
 5)  යුක්‍රේන නායකත්වය පිළිබඳ හෝ ආණ්ඩු වෙනසක් සම්බන්ධ වෙනසකට යායුතුය.
6)  රුසියානු භාෂාව යුක්රේනයේ දෙවන නිල භාෂාව බවට පත් කළ යුතු අතර එය භාවිතා කිරීම තහනම් කරන ඕනෑම නීතියක් අවලංගු විය යුතුය.