ridee-seenu-film-muhurath

    ‘ගිනිමල් පොකුරු’ වැඩිහිටි චිත‍්‍රපටය නිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරිය තම අඟත්ම චිත‍්‍රපටය ලෙස ‘රිදී සීනු’ නමින් ළමා චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට සුදානම් වෙයි. මෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණ.  පවුලක ළමුන් දෙදෙනෙකුගේ සිත්හි පහළවන යහපත් සංකල්පයක් සමාජ ගත කිරීම මූලික කරගෙන තැනෙන,

අධ්‍යාපන වටිනාකමකින් යුතු මෙම විනෝදාත්මක චිත‍්‍රපටයට රන්දෙණිය, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, ශ්‍යාම් ප‍්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, ශී‍්‍රමාල් වෙඩිසිංහ, නිශ්ශංක දිද්දෙනිය, ශිරන්ත පේ‍්‍රමවර්ධන, කුමාර වඟුරැස්ස, ජයනාත් බණ්ඩාර, ජානක හැල්පන්දෙණිය ඇතුඟ ප‍්‍රවීන රංගන ශිල්පීන් රැසක් සඟඟ චාහෙල් රගීත්, සෙලීනා ටුවින්කි යන ළමා නඟ නිළියන් රංගන දායකත්වය සපයති.
    කැමරාකරණයෙන් නිශාන්ත ප‍්‍රදීප් කුමාර ද, සංගීත අධ්‍යක්‍ෂණයෙන් උදාර සමරවීර ද, කලා අධ්‍යක්‍ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක ද, අංග රචනයෙන් සංජය නිපුනආරච්චි ද, සහය අධ්‍යක්‍ෂණයෙන් ඩොනල්ඞ් ජයන්ත ද, නිෂ්පාදන කළමනාකරණයෙන් අසෝක අරියරත්න ද, ගී පද රචනයෙන් අසංක රුවන් සාගරද, නිශ්චල ඡායාරූපකරණයෙන් මහේෂ් නිෂාන්ත ද මෙම චිත‍්‍රපටයට සම්බන්ධ වෙති. රිදී සීනු ‘සිසිලන් ෆිල්ම්ස් ’ වෙනුවෙන් නිශාන් හේවා ගමගේ සමඟ උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය කරති.
    චිත‍්‍රපටයේ රූපගත කිරීම් මාර්තු මස ආරම්භයේ සිට කුරුණෑගල, කොළඹ ඇතුඟ දිවයින පුරා ගම්, නගර රැසක සිදු කිරීමට නියමිතය.
    ‘රිදී සීනු’ චිත‍්‍රපටය ලබන වසරේ, ‘ජාත්‍යන්තර අධ්‍යාපන දිනය’ වන ජනවාරි 24 වනදා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.