ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි තීන්දුව
අද ලබාදෙන බවට විහාල ප්‍රචාරයක් පැවතියත් අද නඩුව කැඳවූ අවස්ථාවේ තීන්දුව ලබාදීම
ලබන මැයි මස 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා සඳහන් කළේ, එම තීන්දුව ප්‍රකාශ කිරීම මැයි මස 6 වනදා සිදුකරන බවය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval